BREAKING NEWS
Search

ලක්ෂ 10කට වෙන්දේසි වුණු අඹ ගෙඩි 03

176

කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩි 03ක් රුපියල් ලක්ෂ 10කට වෙන්දේසි වී තිබෙනවා.

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා උත්සවයේදී මෙලෙස අඹ ගෙඩි 03ක් සහ මල් මාලයක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් මෙම ලන්සුව තබා ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ලක්ෂ 10 ක මුදල පරිත්‍යාග කිරීමට දෙමාපියන් හා ඥාතීන් වෙන්දේසියේදී අඹ ගෙඩි තුනට මුදල ලක්ෂ 10 ක මුදලක වටිනාකමක් ලබාදී ඇති බව සඳහන්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *