Latest Articles
Search

මහමඟ කැලි කසළ දැමූ ටියුෂන් සර්ට ඉගැන්වූ මතක හිටින පාඩම

695
නිවසේ එකතු වන කැළි කසළ මලු‍ වළ දමා මාර්ගය අසල ගෙනවිත් දැමූ තරුණ අඹුසැමි යුවළක් මුහුණ දුන් අපූරු සිදුවීමක් දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා වෙනවා.දකුණු පළාතේ ලස්සන නමකින් හඳුන්වන නගරයක් ආසන්නයේ මෑත කාලයේ විවාහ වූ තරුණ යුවළක් සිටියා. දෙදෙනාම රජයේ සේවකයන් වන අතර යතුරුපැදියෙන් සිය රාජකාරියට යාම සහ පෞද්ගලික ගමන් බිමන්වල යෙදීම සිදුකරනවා.

Advertisement

සිය රාජකාරියට අමතරව උපකාරක පන්ති පැවැත්වීම සැමියාගේ අමතර ආදායම් මාර්ගයද වී තිබුණා.

Advertisement

නිවෙසේ එකතුවන කැළි කසළ මලු‍වලට දමා උදෑසන සේවයට යන අතරතුර ප්‍රධාන මාර්ගය අසලට ගෙනවිත් දැමීම සිදුකර ඇතැයි පැවවෙනවා.

Advertisement

අනවසර කසළ බැහැර කිරීම පිළිබඳව පළාත් පාලන ආයතන නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙලෙස ගෙනවිත් දමන ලද කසළ සහිත මලු දැක ඇති අතර ඔවුහු ඒවා පරීක්ෂා කළා.

Advertisement

එසේ පරීක්ෂා කිරීම්වලදී උපකාරක පන්තියක අත්පත්‍රිකා සහ ඉවතලන ලද නිවාඩු අයදුම්පතක් සහ මංගල ආරාධනා පත්‍ර කිහිපයක් නිලධාරීන්ට ලැබෙන අතර ඒ අනුව සිදුකළ විමර්ශනයේදී කසළ බැහැර කළ පුද්ගලයා සොයා ගැනීමට නිලධාරීහු සමත් වුනා.

Advertisement

පරීක්ෂා කිරීම්වලදී හමුවූ තොරතුරුවලට අනුව යුවළ ගෙන්වා සිදුකළ විමසීමේදී කසළ බැහැර කිරීම තමන් සිදුකළ බවත් ඒ සඳහා සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ මේ ප්‍රශ්නය තවත් දුරදිග ගියහොත් තමන්ට සිදුවන අවමානය ගැන සිතමින්. කසළ විධිමත්ව බැහැර කිරීම සම්බන්ධව උපදෙස් සඳහන් පත්‍රිකා තොගයක් මුද්‍රණය කරදීමට සහ ඩෙංගු රෝගය පිළිබඳව සඳහන් පුවරු කිහිපයක් නිර්මාණය කර නගරයේ තැන් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට ඔහු ඉදිරිපත් වීම නිසා අවවාද සිදුකර මුදාහැර ඇති බව ද වාර්තා වෙනවා.

Advertisement

සිද්ධිය ප්‍රදේශයේ ජනතාවගෙන් වසන් කර ගැනීමට ඔහු කෙතරම් උත්සාහ දැරුව ද උපකාරක පන්ති ගුරුවරයාගේ අලුත් පන්තිය පිළිබඳව කතාව ජනතාව අතර පැතිර යාමට වැඩි දිනක් ගත නොවුණා.

Advertisement

ලංකාදීප

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *