BREAKING NEWS
Search

යාපනයේ සිට කතරගමට යාත්‍රාවේ එන බැතිමතුන් සඳහා නාවික හමුදාවෙන් සහාය

174

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට ‘කුමන’ ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙවරත් නාවික හමුදාව අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව, නාවික හමුදාධිපති වයස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ගිනිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුමගේ අධික්ෂණය යටතේ මෙම පාද යාත්‍රාවට සහභාගි වන දහස් සංඛ්‍යාත බැතිමතුන් හා සම්බන්ධ ‘කුමන’ ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම එම නාවික විධානයට අයත් නාවික කාර්ය මණ්ඩලයන් එක්ව සිටිනවා.

තවද, ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් සමාජ සත්කාරක සේවාවක් ලෙස සිදු කරනු ලබන මෙම සේවාව ‘කුමන’ ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුව, පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන් සඳහා විවෘතව තබන අතර අගෝස්තු මස 05 වන දින දක්වා වූ කාලසීමාව තුළ පිවිසෙන බැතිමතුන් හට අඛණ්ඩව ලබා දීමටයි නාවික හමුදාව කටයුතු සුදානම් කර ඇත්තේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *