Latest Articles
Search

රියදුරු මැච් එක බලද්දී 15 හැවිරිදි පාසැල් සිසුවා නවතා තිබු බස් රථය උස්සා පෙම්වතිය බලන්න ගිහිං

545

පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් ගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Advertisement

පිලියන්දල බස්නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියදුරන් සිව් දෙනකු  ලංකාව හා පකිස්තානය අතර පැවැති ආසියානු කුසලනා අවසන් ක්‍රිකට් තරගය නැරඹීමට පිළියන්දල බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත.

Advertisement

ඔහුන් පැමිණි බස් රථ නැවතුම්පොලේ පසෙක ගාල් කර තරඟය නරඹන අතරතුර රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මදක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

Advertisement

ආහාර ගැනීමෙන් අනතුරුව රියදුරන් සිව් දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එක් බස් රථයක් නොමැති බවට දැක ඒ බව එහි රියදුරා පොලීසියට පැමිණිල්ලක් කර ඇත

Advertisement

වහා ක්‍රියාත්මක වූ පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පිලියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළේය.

Advertisement

ඒ අතරතුර ස්ථානාධිපතිවරයා ද තව නිල රථයෙන් ඔබ මොබ සංචාරය කරමින් බස් රථය පිලිබඳ සොයා බැලීමට කටයුතු කෙරිණි.

Advertisement

කැස්බෑව දෙස සිට රාත්‍රී 12.30 ට පමණ  පැමිණිමෙන් තිබූ බස් රථයක් කෙරෙහි බස් නැවතුමට ආසන්නව තිබූ නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු එයින් පිටතට පැන පලා යාමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන්  සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා පැවැසීය.

Advertisement

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම් පොලට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බැවින් නවතා තිබූ බස් රථවලට ගොඩ වී පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහි ම රඳවා තිබූ බැවින් ,කිසිදු අයකු  පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Advertisement

අත්අඩංගුවට ගත් මෙම පහළොස් හැවිරිදි තරුණයන් මීට වසරකට පමණ පෙරද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන ඒ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *