Latest Articles
Search

පොදු රඳ මඩුලු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

145

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු කුමාර අද (30) සමත් විය.

දිලංක ඉසුරු කුමාර කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැදුණු අතර ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

Advertisement

එහිදී ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105 ක බරක් එස වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 120 බරක් ඔසවනු ලැබුවේ ය.

Advertisement

ඔහු එස වූ මුළු බර කිලෝග්‍රෑම් 225 කි.

Advertisement

මෙම ඉසව්වේ රන් පදක්කම නව තරග වාර්තාවක් ද බිහිකළ මලයාසියානු ක්‍රීඩක මොහොමඩ් අනීක් දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවේ සන්කේත් මහදේව්ට හිමි විය.

Advertisement

බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු කුමාර,

Advertisement

මට රට වෙනුවෙන් පදක්කමක් ගැනීම සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි. ඒවගේම තමයි මේ තරගාවලියට මට සෑහෙන පිරිසක් උදව් කළා. නම් වශයෙන් මේ වෙලාවේ මතක් කළ නොහැකි වුණත් ඒ හැමෝටම ස්තූති කරන්න මේ අවස්ථාව අවස්ථාවක් කර ගන්නවා. ඒ සියලු දෙනාටම ස්තූතියි.

Advertisement

Source: newsfirst

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *