Latest Articles
Search

දැන් ටිකක් තේරෙන වයස නිසා එයාව දාලා වැඩවලට යන්න හරිම අමාරුයි

246

ඕෂධී.. අපිට චූටි දූ ගැන කියන්න?

Advertisement

අපේ චූටි දුවගේ නම ඩිඑන්ඩ්‍රා එලීසා ෆර්නෑන්ඩෝ. දැන් එයාට වයස අවුරුදු දෙකයි මාස අටයි. දැන් චූටි දූ හරිම හුරතල්. මට හිතෙන විදිහට චූටි දරුවෙක්ගේ දඟකාරම වයස තමයි චූටි දූ දැන් ගත කරන්නෙ. ඉතින් අනිත් දරුවෝ වගේම දුවත් හරිම දඟයි. මේ මගේ පළවෙනි බබා. ඒ නිසා වෙන දරුවන්ගේ අත්දැකීම් මට නැහැ. ඒ නිසා අනිත් දරුවන්ට සාපේක්ෂව එයා ගොඩක් දඟයි කියලයි මට හිතෙන්නෙ.

Advertisement

චූටි දූ ඕෂධී එක්ක ගෙදර ඉඳිද්දි වැඩිපුරම කැමති මොන දේවල් කරන්නද?

Advertisement

එයා මාත් එක්ක සෙල්ලම් කරනවා. චූටි දූ බෝනික්කන්ට හරි ආසයි. එයා තනියම ඉන්න නිසා වෙන්නත් ඇති. එයා ගොඩක් වෙලාවට සෙල්ලම් කරද්දි එයාගේ සෙල්ලම් බඩු එක්ක කතා කරනවා. බෝනික්කා නාවනවා. කවනවා. ඒ දේවල් එක්ක එයාගේ දවස ගෙවෙනවා.

Advertisement

මේ ඕෂධීගේ පළවෙනි දරුවා. චූටි දූ ඉපදුණු අලුත දරුවාගේ වැඩ කටයුතුවලට ඕෂධී හුරු වුණේ කොහොමද?

Advertisement

දූ මගේ පළවෙනි දරුවා. එයා මට ජීවිතේට ඇත්දැකීම් ගොඩක් එකතු කළා. අඩුම තරමේ මට නෑදෑයෙකුගේ චූටි දරුවෙක්ගෙවත් අත්දැකීම් තිබුණේ නැහැ. ඒ නිසා චූටි දූ මට වෙනම අත්දැකීමක් වුණා. දූ ඉපදිලා සති දෙකක් යනකම් මගේ අම්මා අපිත් එක්ක හිටියා. ඒ සති දෙකේදි අම්මා බබා නාවන හැටි, කිරි දෙන හැටි හැමදේම මට කියලා දුන්නා. දුවට සති දෙකක් වෙද්දි මම ඒ හැමදේම හරි ඉක්මනට ඉගෙන ගත්තා. සති දෙකකට පස්සෙ දුවගේ හැම වැඩ කටයුත්තක්ම මම තනියම කළා. මනෝජ් එයාගේ රුකියාවක් එක්ක කාර්යබහුලයි. පුළුවන් වෙලාවට මනෝජ් මට උදව් කළා. දැන් නම් මම වැඩ කරන නිසා මගේ නංගිත් මාත් එක්ක ඉන්නවා. නංගිගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වෙනකම් දුවගේ ගොඩක් වැඩ මම තනියමයි කළේ.

Advertisement

චූටි දුව දාලා වැඩවලට යද්දි එයාගේ ප්‍රතිචාරය කොහොමද?

Advertisement

දැන් ටිකක් තේරෙන වයස නිසා එයාව දාලා වැඩවලට යන්න හරිම අමාරුයි. එයා ඇහැරිලා ඉන්න වෙලාවට ගෙදරින් යද්දි එයා දැක්කොත් නම් යන්න හරිම අමාරුයි. යන්න දෙන්නෙ නැතිව අඬනවා. හැබැයි අවුරුදු දෙකයි මාස අටක් වෙනකම්ම එයාව දාලා රූට වැඩවලට ගිහින් නැහැ. එහෙම දවස් දෙක තුන පිට තියෙන වැඩ මම බාරගත්තෙ නැහැ. ගෙදරින් එළියට යද්දිත්, අඬ අඬා එයාට ඕන කරන බඩු ලැයිස්තුව මට දෙනවා. ඇපල්, ටිපිටිප්, සෙල්ලම් බඩු, ආසා කරන දේවල්වල ලැයිස්තුවක් දෙනවා. ඉතින් ඒවා ගේනවා කියලා තමයි ගෙදරින් එළියට යන්නෙ.

Advertisement

ඕෂධීව රූපවාහිනියෙන් දකිද්දි චූටි දුවගේ ප්‍රතිචාරය කොහොමද?

Advertisement

එයා මාව දැන් හඳුනනවා. සමහර වෙලාවට වෙන වෙන මනමාලියන්ව රූපවාහිනියෙන් දකිද්දි ‘මමා මමා..’ කියලා කියන වෙලාවලුත් තියෙනවා. මේක්අප් දැම්මට පස්සෙ හඳුනාගන්න අමාරු නිසා එහෙම රුවටෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඔය රෑප රචනා දකිද්දි එයා ළඟ ඉන්න කෙනාට ‘මමා ඉන්නවා’ කියලා කියනවා. හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා.

Advertisement

දැන් චූටි දූ පෙර පාසල් යනවා නේද?

Advertisement

ඔව්.. අපි එයාට වයස අවුරුදු දෙක වෙද්දි Play group දැම්මා. එයා ගෙදර තනියම ඉන්නෙ. එයාට හරි පාළුයි. එතන චූටි චූටි බබාලා ඉන්න නිසා එයා දැන් හරිම ආසාවෙන් යනවා. තාම උගන්වන්නෙ නැහැ. හැබැයි දවස ගත කරන්න ඒක හරිම අපූරු තැනක්. පොඩි පොඩි ක්‍රියාකාරකම් නිසා චූටි දූ යන්න හරි ආසයි.

Advertisement

පෙර පාසල් ගිය මුල්ම දවසේ චූටි දුවගේ ප්‍රතිචාරය කොහොමද?

Advertisement

Play group එකට දාපු පළමු සතියේ නම් බබා ළඟ නොවුණත් වෙනමම කොටසක දෙමව්පියන්ට ඉන්න අවස්ථාව දුන්නා. ඉතින් ඒ මුල් දවස්වල මට සැරෙන් සැරේ එලාම් එක වගේ චූටි දූ අඬන සද්දය එකපාරටම ඇහෙන්න ගත්තා. විනාඩියකට ඒ සද්දය නතර වුණා. ආයෙත් ටික වෙලාවකට පස්සෙ එලාම් එක වගේ අඬන්න ගත්තා. එතකොට මට ගොඩක් දුකයි. ඇස්වලට කඳුළු පිරුණා. දූ ළඟට දුවගෙන යන්න හිතුණා. මගේ තුරුලේ හැදුණු නිසා එයා නැතිව මට ඉන්න බැහැ. කොහොම හරි සතියකට පස්සෙ එයා හුරු වුණා. දැන් නම් හරිම ආසාවෙන් යනවා. මුලින්ම ගිය දවසේ අඬලා මාව දැකපු චූටි දූ අඬාගෙන මට තුරුළු වුණා. දැන් නම් දවල්ට වාහනයට නැඟපු ගමන් ගෙදර එනකම්ම දාහක් දේවල් කියවනවා. දැන් නම් ගෙදරට එනකම් කට පියාගෙන ඉන්නෙ නැහැ.

Advertisement

චූටි දූ නිසා හිත තිගැස්සුණු දවසක් මතක් කළොත්?

Advertisement

චූටි දුවට කෑම ආසාත්මික වුණා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. චූටි දුවට මාස හයෙන් කෑම කවන්න පටන් ගනිද්දි අපි එයාට තලපත් මාළු බ්ලෙන්ඩර් කරලා කැව්වා. එයා කෑවට පස්සෙ දුවව හොඳට හෝදලා මම කොට් එකේ නිදි කරවලා ඇඟ සෝදගන්න ගියා. ටික වෙලාවකට පස්සෙ කොට් එක ළඟට ගිහින් එබිලා බලද්දි දූ ඇහැරිලා දඟල දඟලා හිටියා. චූටි දුවගේ උඩු තොල හොඳටම ඉදිමිලා තිබුණා. මට හිතාගන්වත් බැරි වුණා. මම ඉක්මනට කොට් එකෙන් අරගෙන මනෝජ්ට පෙන්නුවා. අපි දෙන්නා ගෙදර ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම දුවව පෞද්ගලික රෝහලකට අරගෙන ගියා. ඉක්මනට දුවව පරීක්ෂා කරපු වෛද්‍යවරුන් දුවට තලපත් මාළු ආසාත්මික වෙලා කියලා කිව්වා.

Advertisement

අද පවතින තත්ත්වයත් එක්ක චූටි දුවගේ අනාගතය ගැන ඕෂධීගෙයි මනෝජ්ගෙයි සැලසුම් මොනවාද?

Advertisement

අපි දෙන්නගේ ලොකුම බලාපොරොත්තුව චූටි දුවගේ අධ්‍යාපනයයි. අදට වඩා අනාගතයේ ඉගෙන ගන්න දේ ගොඩක් වටිනවා. ඒ නිසා චූටි දුවගේ අනාගතය ගැන, අධ්‍යාපනය ගැන අපි දෙන්නා ගොඩක් හිතනවා. මනෝජ් ගොඩක් කාර්යබහුලයි. අද මමයි මනෝජුයි චූටි දුව එක්ක ගත කරන මේ ජීවිතයට හරි ආදරෙයි.

Advertisement

දිශානි

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *