BREAKING NEWS
Search

රාත්‍රී 7න් පසු වෙළෙඳ සල් ඇරීම තහනම් , සබරගමුව පළාත ගැන විශේෂ තීරණ රැසක්

163

සබරගමුව පළාතේ ඖෂධ වෙළෙඳ සල් හැර අනෙකුත් සියලු ම වෙළඳ සල් රාත්‍රී 7.00න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

ආණ්ඩුකාරවරයා මේ බව දැනුම් දී ඇත්තේ , ඊයේ (මැයි 11) ඉන්ටර්නෙට් ඔස්සේ සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශ හා රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවය.

සති අන්තයේ එනම් මැයි 14, 15 හා 16 යන දිනවල අත්‍යවශ්‍ය වෙළෙඳ සල් හැර අනෙකුත් සියලු ම වෙළෙඳ සල් වසා දැමීමට ද එහිදී තීරණය කර ඇත.

එමෙන් ම, අත්‍යවශ්‍ය මහජන සේවාවන් නොවන සබරගමුව පළාතේ කාර්යාල වසා දැමීමට ද ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

පුස්තකාල, කියවීම් ශාලා, ළමා උද්‍යාන ආදිය නැවත දැනුම් දෙනු තුරු වසා තැබීමට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා පමණක් සති පොළ වෙළඳාම් සීමා කිරීමට ද එහිදී තීරණය කර ඇත.

තව ද පී.සී.ආර්. පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කරන ලද ප්‍රදේශ වල එම පරීක්ෂණවල වාර්තා ලැබෙන තෙක් සංචරණය සීමා කිරීම සඳහා හුදෙකලා කරන ලෙස ද ආණ්ඩුකාරවයා බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

රෝගීන් බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා එහිදී දැනුම් දී ඇත.

මේ අතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල වාහන බලපත්‍ර වලංගු කාල සීමාව ජුනි 30 දක්වා දීර්ඝ කිරීමට ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා එහිදී පියවර ගෙන තිබේ.

Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *