BREAKING NEWS
Search

නාදුනන පුද්ගලයෙකු බසයේදී දුන් පානයට නින්ද ගිය තරුණියගේ රන් බාන්ඩ වලට විදලා

152

කොළඹ පිටකොටුව බස් නැවතුම්පොළෙන් අනුරාධපුර බලා ධාවනය වන බස් රථයකට ගොඩ වූ තරුණියකගේ රන් භාණ්ඩ සොරා ගැනීමක් පිළිබඳව පිටකොටුව පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ පසුගිය 24 වනදා ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ තරුණිය පවසා ඇත්තේ, තමා බස් රථයේ අසුන්ගෙන සිටියදී තමා අසලින් අසුන්ගෙන සිටි පුද්ගලයෙකු යම් පානයක් දුන් බවත් ඉන්පසු නැවත අවදි වී තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේදී බවය.

එසේ අවදි වී බලන විට තමා සතු ස්වර්ණාභරණ සහ මුදල් නොමැති බව දැනගත් බව ඇය පොලීසියට පවසා ඇත.

රුපියල් 168,000 වටිනා ස්වර්ණාභරණ සහ මුදල් එලෙස සොරාගෙන ඇත.

අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා වරකාපොළ ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *