Latest Articles
Search

හමුදා නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කර කැබ් රථය දමා රියදුරු පළා යයි

632

වවුනියාව, ඕමන්ත හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අනතුරට ලක් කර පළා ගිය කැබ් රථයක් අනතුරට ලක්ව තිබියදී පොලිස් භාරයට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි.

Advertisement

පොලිසිය පැවසූවේ, අදාළ කැබ් රථය බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ එකක් බව ය.

Advertisement

ඊයේ (අප්‍රේල් 17) වවුනියාව, ඕමන්ත මහා විද්‍යාලය අසල මාර්ග බාධකයේදී අදාළ කැබ් රථයට නතර කරන ලෙස සංඥා කිරීමේදී මාර්ග බාධක රාජකාරියේ නිරත යුද්ධ හමුදා සමාජිකයන් දෙදෙනෙකු අනතුරට ලක් කර කැබ් රථය පළා ගොස් තිබේ.

Advertisement

පසුව එම කැබ් රථය මාර්ග බාධකය ආසන්නයේ බෝක්කුවක ගැටී නතර වී ඇති අතර එහි සිටි දෙදෙනෙකු කැබ් රථය දමා පළා ගොස් ඇත.

Advertisement

ඔවුන් දැව ජාවාරම්කරුවන් බවට සැක කරන බව ඕමන්ත පොලිසිය ප්‍රකාශ කළේය.

Advertisement

ඕමන්ත පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, අනතුරට පත් හමුදා සාමාජිකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවත් කැබ් රථය දමා පළා ගිය දෙදෙනා සොයා මෙහෙයුම් සිදු කරන බවත් ය.

Advertisement

එන්. ප්‍රියදර්ශනී – වවුනියාව

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *