ඒ වගේ කාඩ්බෝඩ් වීරයන්ට අපි බය වෙන්න ඕනේද? සමහරවිට ඔවුන් ඒ විදිහට හැසිරෙන්නේ ඔවුන්ට ළඟා කරගන්න බැරි වුණ දේවල් අපි ළඟා කරගෙන තියෙද්දි ඒවා ඉවසන්න බැරි වුණාම- දිනක්ෂි රිදෙන්නම කියයි

605

දිනක්ෂි, සාරංග කියන්නේ කලා ලෝකේ ඉන්න හරිම ආදරණීය යුවළක්. ඒ ආදරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද ඒ ආදරය හරිම පිවිතුරුයි. පසුගියදා සම්මාන උෙලළ කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූ මේ දෙපොළ කලාවත්, පවුල් දිවියත් හරි අපූරුවට ගෙනියන්නේ හුරතල් සාරන්‍යාගේ ද මාපිය භූමිකාව ඉටුකරමිනි. දිනක්ෂි කාලයකට පස්සේ සිනමාපටයකට එක් වෙනවා. ඒ වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ විසල් ආදරය සිනමාපටය තුළින්. මැයි 3 වැනි දා සිනමාවට එක්වන මේ නවතම සිනමාපටය ගැන වගේම පවුල් ජීවිතය ගැනත් ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. ඒ නිසමයි දිනක්ෂිව මේ විදිහේ කතාබහකට එකතුකර ගත්තේ.

Advertisement

 

Advertisement

දිනක්ෂිගේ නවතම සිනමාපටයත් තිරගත වෙන්න ළඟයි නේද?

Advertisement

විසල් ආදරය සිනමාපටය මැයි 3 වැනිදා දිවයින පුරා තිරගත වෙනවා. ඉතින් හැමෝටම නවතම සිනමා අත්දැකීමක් ලබා ගන්න හැකි වේවි. විසල් ආදරය වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරපු සිනමාපටයක්. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයත් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගත්තා. මම, සචින් ලියනගේ, රශී පබා වැනි චරිත කිහිපයක්ම මෙයට රංගන දායකත්වය ලබා දෙනවා. ආදරය තේමා කරගත් මේ සිනමාපටය හැමෝටම නරඹන්න ආරාධනා කරන්නත් මම මෙය අවස්ථාවක්කර ගන්නවා.

Advertisement

සම්මානයකුත් ගත්තා නේද?

Advertisement

පසුගිය සරසවි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගන්න මට හැකි වුණා. මම හිතන්නේ රංගන ශිල්පිනියක් ලැබිය යුතුම සම්මානයක් ඒක. මොකද සරසවි සම්මාන උෙලළ තමයි රංගන ශිල්ප ශිල්පිනියන් ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු මුල්ම සම්මාන උලෙළ. ඒ නිසා සරසවි සම්මාන උලෙළ ගැන අපිට තියෙන්නේ පුදුම ගෞරවයක්. මටත් ඒකේ කොටස්කාරියක් වෙන්න ලැබීම විශාල භාග්‍යයක් විදිහටයි මම සලකන්නේ.

Advertisement

May be an image of 1 person

Advertisement

සාරංග දිසාසේකර සම්මාන උලෙළ කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණා.

Advertisement

ඔව්. ඔහු කලාවටම කැපවුණු කෙනෙක්. ඔහුගේ කැපවීම නිසයි සුමති, රයිගම් වැනි සම්මාන උලෙළෙවළදී ඔහුට සම්මානයට පාත්‍ර වෙන්න හැකියාව ලැබුණේ. ඇත්තටම ඔහු මටත් වාඩා මේ ක්ෂේත්‍රය තුළ මහන්සි වෙලා, කැපවෙලා වැඩ කරනවා. ඒකට ඔහුට අද වෙද්දී ඒ ඇගයුම ලැබිලා තියනවා. ඔහුගේ බිරිය විදිහටත්, රංගන ශිල්පිනියක් විදිහටත් මට ඔහු ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්.

Advertisement

දුවත් එක්ක ගෙවන ජීවිතය කොහොමද?

Advertisement

හරිම සුන්දරයි. එයත් ලොකු වෙනවා ඉක්මනටම. මේ කාලේ හරිම හුරතල් වැඩ කරන කාලයක්. එයාගේ කෝලම් බල බල ඉන්නවා. එයා අලුත් අලුත් වචන කියනවා. සිංදු කියනවා… අපිත් හරියට අපේ ළමා කාලයට ගියා වගේ.

Advertisement

 

Advertisement

මවක්, බිරියක් සහ රංගන ශිල්පිනියක් විදිහට මේ හැමදෙයක්ම බැලන්ස්කර ගන්නේ කොහොම ද?

Advertisement

ඒක ලේසි නැහැ..මට වගකීම කියන දේ ගැන හරියටම දැනෙන්න පටන් ගත්තේ බබාව ලැබුණට පස්සේ. එතෙක් කල් මම හරිම සැහැල්ලුවෙන් කාලය ගත කරපු කෙනෙක්. බබා ලැබුණට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා. හැබැයි ඒ වෙනස්වීමත් එක්ක මම කලාව අතහැර ගත්තේ නැහැ. බබාට මාස තුනක් වගේ වෙද්දි මට වැඩ ලැබුණා. සාරංගමයි ඔයා මේකට යන්න ඕනේ කියලා මාව දිරිමත් කළේ. ඒ අතින් එයා හරි හොඳ සැමියෙක්. මමයි සාරංගයි හරිම කාර්යබහුලයි. ඒ නිසා අපි හැම වෙලාවෙදිම බලන්නේ අපිට ලැබෙන පුංචි වෙලාවෙත් සාරන්‍යත් එක්ක රැඳෙන්න. අපි කාර්යබහුල වුණා කියලා මවකගෙන් සහ පියගෙන් විය යුතු යුතුකම් ඉටුනොකර බැහැනේ. හැබැයි මේ ගමන මේ විදිහට ගෙනියන්න මගේ අම්මි.. එතකොට පවුලේ අය මට ගොඩක් උදවු කරනවා.

Advertisement

 

Advertisement

ප්‍රියසාද් පවුල කියන්නේ හරිම සතුටින් ඉන්න පවුලක්. පවුලේ මේ සතුට හැමදාමත් ඒ විදිහටම තියාගන්නේ කොහොම ද?

Advertisement

අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි. නමුත් අපි කොහොම හරි වෙලාව හදාගන්නවා පවුලේ සතුට රඳවා ගන්න. මොන වැඩේ තිබුණත් පවුලේ හැමෝම සතියකට සැරයක් එකතු වෙනවා. අපි ට්‍රිප් යනවා. එතකොට පවුලේ කෙනෙක්ගේ උපන්දිනයක් ආවොත් අපි හැමෝම එකට ඉඳලා සමරනවා. පවුලේ කාටම හරි ප්‍රශ්නයක් ආවොත් මුළු පවුලම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි කවදාවත් කාවත් පවුල තුළදී තනි කරන්නේ නැහැ. පවුල තමයි මගේ හැමදේම.

Advertisement

 

Advertisement

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

Advertisement

හරිම සතුටුයි. හැමෝටම හම්බ වෙන්නේ නැති දෙයක්. ජනප්‍රියත්වය කියන්නේ මට ලැබුණු ආශීර්වාදයක්. ජනප්‍රියත්වය නිසා මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා. මිනිස්සුන්ගේ ආදරේ නිසා තමයි මම අද මෙතැන ඉන්නේ සහ අලුත් වැඩවලට වුණත් ආරාධනා ලැබෙන්නේ. මම හරිම වාසනාවන්තයි. මම හැමෝටම ස්තුති කරනවා මේ දිගු ගමනේ මගෙත් එක්ක එකට හිටපු එකට සහ ඉස්සරහටත් එහෙම ඉඳීවි කියලා මම විශ්වාස කරනවා.

Advertisement

 

Advertisement

දිනක්ෂි කියන්නේ මඩ ගහලා වට්ටන්න පුළුවන් චරිතයක් නෙවෙයිද?

Advertisement

එහෙම වට්ටන්න බැහැයි කියලා දැන් ගොඩක් අය තේරුම් අරගෙන තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ මම මුහුණ දීපු දේවල් එක්ක මම අද ඉන්න තත්ත්වය ගැන මා මම ගැනම ආඩම්බර වෙනවා. මඩ ගහන්න. මඩගහන්න මම ආසයි. එහෙම මඩ ගහද්දි මොකද ඒකෙන් මම තව තවත් උඩට යනවා මිසක් පහළට වැටෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල මඩ ගසන කිසිකෙනෙක් ප්‍රසිද්ධියේ මූණ පෙන්නලා කතා කරන අය නෙවෙයිනේ. ඉතින් ඒ වගේ කාඩ්බෝඩ් වීරයන්ට අපි බය වෙන්න ඕනේද? සමහරවිට ඔවුන් ඒ විදිහට හැසිරෙන්නේ ඔවුන්ට ළඟා කරගන්න බැරි වුණ දේවල් අපි ළඟා කරගෙන තියෙද්දි ඒවා ඉවසන්න බැරි වුණාම වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මම එයාලට අනුකම්පා කරනවා.

Advertisement

May be an image of 1 person and jewelry

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *