Latest Articles
Search

සුදු වෙන්න කැමති අයට ස්වභාවිකව ආරක්ෂිතව සුදු වෙන්නේ මෙහෙමයි

196

අන් අයගේ ආකර්ෂණය තමන් වෙතට ඇද ගන්නට, ලස්සනට ඉන්න සුදු සමක් ලබාගන්න අපි හැමෝම කැමතියි.සමහරුන්ට උපතින්ම සුදු සමක් ලැබෙනවා. එහෙත් සමහර තරුණියන්ට උපතින් හිමි වන්නේ කළු සමක්. තලෙළු සමක්. එම සම සුදු කර ගන්න තරුණියන් උත්සහ දරන්නේ ලස්සන සමක් තුලින් සුන්දර යුවතියක් වන්නට හැකි නිසයි. තලෙළු, කළු සමක් ඇති අය විවිධ ආලේපන, ක්‍රීම් වර්ග ශරීරයට ආලේප කරනවා.නමුත් එහි ප්‍රමිතිය ගැන ඇතමුන් නම් සැලකිලිමත් වෙන්නේ නැහැ.ඕනෑම නිෂ්පාදනයකට රැවටී සම සුදු කර ගන්නටයි ඔවුන් බලන්නේ. ඒ වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් වැය කර ආලේපනයක් මිලදී ගැනීමට ද දෙවරක් සිතන්නේ නැහැ.වැයවන මුදලට වඩා වටින්නේ තමන්ගේ සමේ සුන්දරත්වය කියයි ඔවුන් සිතන්නේ.සුදු සමක් ලබා ලබාගැනීම වෙනුවෙන් වෙහෙසෙන තරුණියන්ට කාන්තාවන්ට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පිළියම් ටිකක් මේ ලිපිය කියවීමෙන් ලබාගන්න පුළුවන්.

Advertisement

Advertisement

 

Advertisement

සමේ ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා.
• සාමාන්‍ය සම• වියලි සම• තෙල් සහිත සම• මිශ්‍ර සම

Advertisement

බොහෝ දෙනෙකු තමන්ගේ සමේ ස්වභාවය අනුව ආලේපන ගැන්වීමට කටයුතු කරන්නේ නැහැ. ඔබේ සමේ ස්වභාවය මොන ආකාරයද කියා තේරුම්ගෙන සමට ආලේපන ගැල්විය යුතුයි. එසේ නැතිනම් ඔබේ සමේ ස්වභාවික ලස්සනත් නැතිව වී යා හැක.ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් නම් අධික තෙල් ගතියක් නොමැති අතර ලප කැලැල් නැති සමක් වේ.ඔබට ඇත්තේ වියළි සමක් නම් තෙතමනය රහිත කසන සුළු ඉරිතැලුණු සමක් වේ.ඔබට ඇත්තේ තෙල් සහිත සමක්ක් නම් කුරුලෑ සහිත සමක් වේ.

Advertisement

Advertisement

මිශ්‍ර සම තව කොටස් තුනකටත් වෙන්වෙනවා.
• සංවේදී සම• වියපත් සම• අඳුරු සම
සම සුදු කර ගැනීමට කළ හැකි සත්කාර කිහිපයක් තිබෙනවා.

Advertisement

සම පිරිසුදු කර ගැනීම.

Advertisement

Advertisement

මුලින්ම ඔබ කළ යුත්තේ ඔබේ සමයේ ඇති කුණු දුහුවිලි, අපද්‍රව්‍ය ඉවත් කරගෙන සම පිරිසුදු කර ගැනීමයි.සම පිරිසිදු කර ගැනීමේදී සබන් භාවිතය සිදු නොකළ යුතුයි. ඒ සඳහා කරන්න පුළුවන් ආදේශකයන් කිහිපයක් තිබෙනවා.

Advertisement

ඔබේ සමේ ස්වභාවය අනුව සම පිරිසිිදු කරගත යුතු ආකාර

Advertisement

ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් නම් ඔබ කළ යුත්තේ නැවුම් පුළුල් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කර සෝදා ඉවත් කර ගැනීමයි.ඔබට ඇත්තේ වියළි සමක් නම් ඔබ කළ යුත්තේ බිත්තර කහමද, මීපැණි හා කුඩු කරගත් ආමන්ඩ් ඇට හා නැවුම් එළකිරි මිශ්‍රකර මුහුණේ ආලේප කර සෝදා ඉවත් කර ගැනීමයි.ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් ඔබ කළ යුත්තේ කඩල පිටි කහ හා නැවුම් එළකිරි මිශ්‍රකර මුහුණේ ආලේප කර සෝදා ඉවත් කර ගැනීමයි.ඔබට ඇත්තේ මිශ්‍ර සමක් නම් ඔබ කළ යුත්තේ පිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කර සෝදා ඉවත් කර ගැනීමයි.

Advertisement

සමට ස්කබ් එකක් සිදු කිරීම.

Advertisement

Advertisement

 

Advertisement

1.සාමාන්‍ය සමට නම්

Advertisement

සුදුහදුන් තේ හැඳි එකක් වෙනිවැල් ගැට තේ හැඳි එකක් මී පැණි තේ හැදි එකක් රෝස වතුර තේ හැඳි දෙකක් මිශ්‍ර කර ආලේප කර ටික වේලාවක් තබා ඇඟිලි තුඩුවලින් රවුමට හොදම පිරිමදිමින් පසුව සෝදා ඉවත් කර ගන්න.

Advertisement

2.වියලි සමට නම්

Advertisement

කෙසෙල් ගෙඩියකින් භාගයක් ගෙන ඕට්ස් තේ හැඳි දෙකක් මී පැණි තේ හැඳි එකක් මිශ්‍රකර ආලේප කර ටික වේලාවක් තබා ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් සෝදා ඉවත් කර ගන්න.

Advertisement

3.තෙල් සහිත සමට හා මිශ්‍ර සමට නම්

Advertisement

හාල් පිටි තේ හැඳි එකක් ෝස වතුර තේ හැඳි එකක් දෙහි බින්දු කිහිපයක් මිශ්‍රකර ආලේප කර ටික වේලාවක් තබා ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් සෝදා ඉවත්කර ගන්න.

Advertisement

ෆේස් පැක් ආලේප කිරීම.

Advertisement

Advertisement

ඔබට සිදු කළ හැකි ෆේස් පැක් කිහිපයක් තිබේ.අර්තාපල් ගෙඩියක් දෙහි ඉස්ම ටිකක් මී කිරි හෝ යෝගට් මී පැණි සමඟ එකට මිශ්‍ර කර විනාඩි තිහක් තබන්න.අර්තාපල් ගෙඩියකින් භාගයක් තම්බා ඉතිරි භාගය බ්ල්න්ඩර් කර රෝස වතුර එක්කර කස්තුරි කහ මේස හැඳි එකක් සුදු හඳුන් මේස හැඳි එකක් එක්කර මිශ්‍ර කරගෙන ආලේප කර විනාඩි තිහක් තබන්න.වැස්ලින් මේස හැඳි එකක් ශීත ජලය මේස හැදි දෙකක් කිරි මේස හැදි එකක් දෙහි යුෂ මේස හැඳි එකක් මිශ්‍රකර ආලේප කර විනාඩි තිහක් තබන්න.කෝමාරිකා මද දෙකක් සුදු හඳුන් තේ හැඳි එකක් දෙහියුෂ තේ හැඳි දෙකක් මිශ්‍ර කර විනාඩි තිහක් තබන්න.

Advertisement

 

Advertisement

මීට අමතරව ඔබේ සම සුදු කර ගැනීමට ඔබට කළ හැකි පෝෂණීය සත්කාරත් තියෙනවා.

Advertisement

• දිනපතා පිරිසුදු ජලය වැඩිපුර පානය කරන්න.• ව්‍යායාම් කරන්න.• දිනපතා ස්නානය කරන්න.• හිරු එලියෙන් ඔබේ සම ආරක්ෂා කර ගන්න.• සෞඛ්‍ය සම්පන්න නින්දක් ලබන්න.• විටමින් b අඩංගු ආහාර නිතර ගන්න.• පිරිසිදු එළවළු හා පලතුරු දිනපතා ආහාරයට ගන්න.

Advertisement

ඔබේ සමේ ආසාත්මිකතා ඇත්නම් මෙම ප්‍රතිකර්ම සිදු කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. වෛද්‍ය උපදෙස් අනුව මේවා භාවිත කරන්න.මෙවැනි ප්‍රතිකර්ම සිදු කිරීමෙන්, පෝෂණීය සත්කාරයන් සිදුකිරීමෙන් ඔබට ඔබේ සම පැහැපත් කර ගත හැකිය.

Advertisement

 

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *