Latest Articles
Search

ඇත්තටම කෙල්ලෝ ආදරේ කරන්නේ සල්ලි වලටද

262

සල්ලි කියන්නේ අපි හැමෝටම වුවමනා, අපි කවුරුවත් දුන්නොත් එපා කියන්නෙ නැති දෙයක්නේ. සල්ලි වටිනවා. විශේෂයෙන්ම මේ කාලේ. හැබැයි අපි හැමෝම කවුරුහරි දෙන සල්ලි වලට නැවෙනවාද? අන්න ඒක ඉතින් පුද්ගලයා මත තමයි වෙනස් වෙන්නේ. සමහරු ඉන්නවා සල්ලි වලට ගන්න බැරි. හැබැයි සමහරු ඉන්නවා සල්ලි කොළ දික් කළොත් ඕනෑම දෙයක් කරවාගන්න පුළුවන්. හැබැයි තත්ත්වය එහෙම වුනාට ගොඩක් වෙලාවට සෝ’ෂල් මීඩියා ඇතුළේ කොල්ලෝ කියන දෙයක් තමයි ‘කෙල්ලෝ සල්ලි වලට නැවෙනවාය’ කියන එක. තව සරල කරලා කිවුවොත් මේ කියන්නේ කෙල්ලෝ ලව් කරන්නේ, යාලු වෙන්නේ සල්ලිකාරයෝ එක්කය කියන එක. ඒක ඇත්ත කතාවක්ද? එහෙම නැතිනම් කොල්ලන්ගේ මි ත්යයා  විශ්වාසයක්ද?

Advertisement

1. සල්ලි වලට යාලු වෙන කෙල්ලෝ!

Advertisement

මනුස්සයෙක්ගේ සල්ලි වලටම යාලු වෙන කෙල්ලෝ කොතෙකුත් ඉන්නවා. ඒක නැහැයි කියන්න බෑ. මෙතනදී මේ කෙල්ලෝ ඔය සල්ලිකාරයෙක්ට ආදරේ කරනවද නැද්ද කියන එක ටිකක් සං කීර්ණ කාරණාවක්. ඒ ගැන අපි පසුවට කතා කරනවා. හැබැයි ඔය ගෝල්ඩ් ඩි,ගර්ස්ලා කියලා හඳුන්වන කෙල්ලෝ ඉන්නවනේ. ඒ අයට ඇත්තටම වුවමනා කරන්නේ ආදරයක් නෙවෙයි, ඒ අයට වුවමනා කරන්නේ සල්ලි, සැප සම්පත්, යාන වාහන වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි, සල්ලිකාරකම හෝ බcලපුළුcවන්කාරකම එක්ක තමන්ටත් ලැබෙන බලයටත් ඒ අය ආසයි. එතකොට මේ අය හොඳ ගතිගුණ, ආදරේ, කෙයාරින්ග් වගේ ඒවලට වැටෙන්නේ නෑ. සල්ලිකාරයාගේ සල්ලි ටික ඉවර වුණු වෙලාවට එයාගේ   ආදරෙත් ඉවරයි. හැබැයි ගොඩක් වෙලාවට සල්ලිකාරයෙක් මේ විදියේ අයව  තියාගන්නේ මේ බව නොදැන නෙවෙයි. ඒක ගනුදෙනුවක්. දෙපාර්ශවයම ගනුදෙනුවට එකඟ වෙලා නම් ඉන්නේ ඒ ගැන අවුලක් ගන්න දෙයක් නෑ.

Advertisement

හැබැයි කාරණා දෙකක්. එක, හැම කෙල්ලෙක්ම එහෙම කෙනෙක් නෙවෙයි. දෙක, එහෙම අය වෙන්නේ කෙල්ලෝ විතරක්මත් නෙවෙයි!

Advertisement

2. සල්ලි වලට යාලු වෙන කොල්ලෝ!

Advertisement

ඔව්, එහෙම කොල්ලෝ ඉන්නවා. හිතනවාට වැඩියෙන් ඉන්නවා. සමාජේ කතාබහට ලක් වෙනවාට වැඩියෙන් ඉන්නවා. දැකලා නැද්ද පත්තරවල ඕනෑ තරම් නිව්ස් යනවා කෙල්ලෝ එක්ක යාලුවෙලා කෙල්ලගේ තියෙන සල්ලි ටිකටයි, රත්තරන් බඩුවලටයි ඔක්කෝටම විද ලා ගියපු කොල්ලෝ ගැන? මෙතනදී සිද්ධ වෙන්නේ හො’රෙන් ගැනීමක් නෙවෙයි. ආදරේ පෙන්නලා, තමන්ගේ බැරි අමාරුකමක් කියලා කෙල්ලව රව.ට්ටන න එක. එතකොට කෙල්ලෝ තමන්ගේ ආදරේ නාමයෙන් අර කොල්ලව විශ්වාස කරලා සබ්බ සකලමනාවම දීලා දානවා. පස්සේ පොර අතු’රුදන්. ඇත්තම කතාව තමයි සල්ලි වලට නැවෙන කෙල්ලොන්ට වඩා සල්ලි වලට විදින කොල්ලෝ වැඩියි කියන එක. මෙතනදී වෙන්නේ දෙන්නාගේම එකඟතාවයෙන් සිද්ධ වෙන ගනුදෙනුවකුත් නෙවෙයි. පිරිසිදු ‍රැ/වටී.මක්.

Advertisement

3. සෝබනේට වැටෙන කෙල්ලෝ!

Advertisement

මෙන්න මේකත් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ තමයි සල්ලිකාරකම පේන්න තියෙන කොල්ලන්ට ආකර්ෂණය වෙන කෙල්ලෝ. හැබැයි අපි මේ කියන්නේ නියම සල්ලිකාරයෝ ගැන නෙවෙයි. සල්ලිකාරකම පෙන්නගෙන ඉන්න ඩයල්ස්. ඉස්සර ස්මාට්ෆෝන් එහෙම සුලභ නැති කාලේ හොඳ ස්මාට්ෆෝන් එකක් අතේ තියාගෙන නිතරම ඒක කණේ ගහගෙන ඉන්න එක මේ කියන විදියේ සෝබනකාරයින්ගේ පුරුද්දක් වෙලා තිබුණා. ඒ ෆෝන් එකට ඇත්තට හෝ බොරුවට එන කෝල්ස් වල කතා කරන්නෙත් ලක්ෂ හැටේ හැත්තෑවේ ඩීල්ස් ගැන. තව සමහර සෝබනකාරයෝ ඉන්නවා අමාරුවෙන් ගත්තු දිලිසෙන මෝටර්සයිකලේක නැගලා ඔය කෙල්ලෝ ගැවසෙන තැන්වල රස්තියාදු ගහන. එතකොට මේ කියපු සෝබන සීන් වලට අහුවෙන කෙල්ලොත් අනිවාර්යයෙන්ම ඉන්නවා. පස්සේ ඒ ගැන දුක්වෙන එක වෙනම කතාවක්. හැබැයි එහෙම කෙල්ලෝ ඉන්නවා.

Advertisement

4. සල්ලිකාරයන්ට කෙල්ලෝ කැමති වෙන්නේ ඇයි?

Advertisement

 

Advertisement

මේක තමයි අපි කියන්නම් කියපු සංකී ර්ණ කාරණාව. පුළුවන් තරම් සරල කරලා මේ කියන්නේ. ඉස්සර තිබුණා ගැහැණියක් ආකර්ෂණය වෙන්නේ තමන්ව ආරක්ෂා කරන්න, ‍රැක බලාගන්න පුළුවන් සාර්ථක, ශක්තිමත් පිරිමියෙක්ට කියන එක. එක කාලෙකදී මේ ශක්තිවන්තකම කියලා සැලකුනේ ඇත්තටම ශාරීරිකව තියන ශක්තිමත් බව, ශක්තිමත් පෞරුෂය වගේ දේවලට. හැබැයි දැන් වෙනකොට කාලේ වෙනස් වෙලා. දැන් කාලේ සාර්ථක, ශක්තිමත් පිරිමියෙක් කියන්නේ ශරීර ශක්තියට නෙවෙයි. සමාජයේ, වෘත්තිමය ජීවිතයේ සාර්ථකත්වයට. මතක තියාගන්න, අපි මේ කතා කරන්නේ ගනුදෙනුකාර අය  ගැන නෙවෙයි. තමන්ට ආදරය කරන්න සාර්ථක පිරිමියෙක්ව ‍තෝරගන්න කාන්තාවෝ ගැන. එතනදී ඇත්තටම මේ සාර්ථකත්වය, සල්ලිකාරකම වගේ දේවල් වලට අපි මේ කියන ජාතියේ කාන්තාවෝ ආකර්ෂණය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒකට අපිට වැ‍රැද්දක් කියන්න බෑ. සමහර පිරිමි ලස්සනම කාන්තාවන්ට ආකර්ෂණය වෙනවා වගේ තමයි මේකත්.

Advertisement

5. සාර්ථක ගැහැණු ආකර්ෂණය වෙන්නේ කාටද?

Advertisement

අපි උඩින් කියපු විදියට පිරිමියාගෙන් තමන්ව ‍රැකබලාගන්න එක අද කාලේ හැම කාන්තාවක්ම බලාපොරොත්තු වෙන්නේ නැහැයි කියන එක අවධාරණයෙන් කියන්න ඕන. අද කාලේ වෙනස්. කාන්තාවෝ පිරිමින් එක්ක හරි හරියට වෘත්තීය ලෝකේ ඉස්සරහින් ඉන්නවා. සෑම ක්ෂේත්‍රයකම වගේ කාන්තාවෝ ඉන්නවා. ඉස්සර තිබුණු, ගැහැණිය ළමයින්ව බලාගෙන, ගෙදරදොර වැඩ බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕනය කියන යල් පැනගිය මතය තවදුරටත් වලංගු නෑ. ඉතින් අද සමාජයේ ඉන්න සාර්ථක, ස්වාධීන ගැහැණු එතකොට ආකර්ෂණය වෙන්නේත් සල්ලිකාරයින්ටද? නෑ. ගැහැණු ආකර්ෂණය වෙන්නේ මොනවාටද කියන එක එහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිරිමි ආකර්ෂණය වෙන්නේ මොනවාටද කියන එකත් එහෙම සරලව කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තටම මේ ආකර්ෂණය කියන එක පුද්ග ලානු බද්ධ යි. ඒත් සාර්ථකත්වයට, සාර්ථක පිරිමියෙක්ට ගොඩක් වෙලාවට ශක්තිමත් ගැහැණියෙක් ආකර්ෂණය වෙනවා. හැබැයි සාර්ථකත්වය විතරක් තිබුණු ට ගැහැණියක් ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා කියන්න බැහැ. ගොඩක් වෙලාවට ගැහැණියක් පිරිමියෙක්ට ආකර්ෂණය වෙන්නේ එක දේකට විතරක් නෙවෙයි!

Advertisement

6. එතකොට ගතිගුණ වලට තැනක් ඇත්තෙම නැද්ද?

Advertisement

ඇයි නැත්තේ? තියෙනවා. ගැහැණියක් තමන්ගේ ජීවිතේ ඉදිරිය එකට ගත කරන්න, සීරියස් සම්බන්ධතාවයකට යන්න පිරිමියෙක්ව ‍තෝරාගන්න කොට ඒ පිරිමියා සාර්ථකද නැද්ද කියන එක විතරක් නෙවෙයි හිතන්නේ. අනිවාර්යයෙන්ම ගතිගුණ, තමන් එක්ක තියෙන ගැලපීම වගේ දේවල් ගැනත් හිතනවා. හැබැයි ඉතින් හොඳ ගතිගුණ තමන්ට තියෙනවාය කියලා හිතාගෙන ඉන්න, හැබැයි ජීවිතේ සාර්ථක කරගන්න කිසිම වුවමනාවක් නැතුව තැන් තැන්වල රස්තින්යාදු ගහ ගහා ඉන්න පිරිමියෙක්ට එහෙම කෙල්ලෙක් කැමති වෙයිද කියන එක ගැටළුවක්. සමහර වෙලාවට රස්ති යාදු ගහන එකේ අමුතු ආකර්ෂණයක් තියෙනවා කියලා හිතන ගැහැණියක් එහෙම කොල්ලෙක්ට කැමති වෙන්න පුලුවන්. ඒත් හරිහමන් රස්සාවක්, හරිහමන් කුසලතාවයක්, හරිහමන් අනාගත දැක්මක් නැතුව, තමන්ට හොඳ ගතිගුණ තියෙනවාය කිය කියා ෆේස්බුක් එකේ හැපි හැපී දඟලන ඩයල් එකකට නම් මොනම ගෑණියෙක්වත් කැමති වෙයිද කියන එක ගැටළුවක්!

Advertisement

7. එතකොට වෙන්න ඕන මොකක්ද?

Advertisement

සරලයි. දියුණු වෙන්නයි ඕන. සල්ලිකාරයෙක් වෙන්න ඕන නම් ඒකට වැඩ කරන්න. තමන්ගේ කුසලතාවයක් ඔස්සේ දියුණු වෙන්න ඕන නම් ඒ කුසලතාවයන් මු ව.හත් කරගන්න වැඩකරන්න. වෘත්තීය ජීවිතේ ඉහළට යන්න ඕන නම් ඒකට වැඩ කරන්න. මේ දේවල් කරන්න ඕන කෙල්ලෝ යාලුකරගන්න නෙවෙයි, තමන්ට වුවමනා නිසායි. ඇත්ත කතාව මේකයි. සමාජේ ඉන්න බහුතරයක් කාන්තාවන්ට වුවමනා කරන්නේ ලොකු සල්ලිකාරයොන්වවත්, ලොකු රස්සා කරන මිනිස්සුන්වවත් නෙවෙයි. හැබැයි තමන්ට කියලා අනාගත දැක්මක් තියෙන, දියුණු වෙන්න ආසාවක් තියෙන, ඉහළට යන්න හොඳ අධිෂ්ඨානයක් තියෙන, ඕන ක ට්ටක් කාලා සාර්ථක වෙන්න පුළුවන් ධෛර්යයක් තියෙන මිනිස්සුන්ට කාන්තාවෝ ආකර්ෂණය වෙනවා. ඒකට කියන්නේ සල්ලි වලට නැවෙනවා කියලා නෙවෙයි. ආන්න ඒ නිසා කරන්න තියෙන්නේ මනුස්සයෙක් විදියට දියුණු වෙන්න අධිෂ්ඨානයක් ඇතිකරගන්න එක. දියුණුවත් එක්ක තමන්ට ජීවත් වෙන්න, පවුලක් නඩත්තු කරන්න අවශ්‍ය තරමට සල්ලි ලැබෙයි.

Advertisement

එහෙම නැතුව, දියුණුවකුත් නැතුව කෙල්ලෝ නැවෙන්නේ සල්ලි වලටයි බ්‍රෝ කිය කියා හැපෙන්න හදන එවුන්ට නම් ලොවෙත් කෙල්ලෝ කැමති වෙයිද කියන එක ෂුවර් නෑ!

Advertisement

 

Advertisement

Source: Lifie.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *