උපයපු හැටි කියන්න පුළුවන් නම් දේශපාලඥයන්ට දේපල තිබීම ගැටළුවක් නෑ…

1

දේශපාලනඥයන් සතු වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය නිසි ලෙස හෙළිදරව් කළ හැකිනම් ඒවා පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

සෑම දේශපාලනඥයෙකුම තමන් සතු සැබෑ වත්කම් සහ බැරකම් හෙළිදරව් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයාඑමගින් අදාළ දේපළ සාධාරණ ලෙස උපයාගත් ඒවාද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන්නේය.

අපි අපේ සියලුම වත්කම් සහ බැරකම් හෙළිදරව් කර තිබෙනවාඕනෑම අයෙකුට වත්කම් තිබිය හැකියිවැදගත් වන්නේ එම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ සාධාරණ ප්‍රකාශයක් තිබීමයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

යම් දේශපාලනඥයෙකු තමන් සතු වත්කමක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වන්නේ නම්එය බරපතල ප්‍රශ්නයක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේඅදාළ චෝදනා සම්බන්ධයෙන් ලාල් කාන්ත මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එරෙහිව එන්තරවාසියක් යවා ඇති බවයිඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා සූදානම් බව ද ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *