ණය ගෙවන්න තිබිච්ච සල්ලි ගියේ කාගේ ගිණුමටද?

5

ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කන්ටේනර් 323  වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට ගියා දැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක  හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

“එක පැත්තකින් ආණ්ඩුව බාල ගල් අඟුරු ගේනවා.ඒ පාඩුව ජනතාව පිට දානවා.තවත් පැත්තකින්  ආණ්ඩුව නොදැනුවත්වම තමන්ගේ නිලධාරීන් ආණ්ඩුවේ මුදල්  හොර ගිනුම් වලට දාගෙන තියෙනවා.දැන් කියන්නේ මොකක්ද? ඊ මේල් මාර්ගයෙන් ආපු ස්පෑම් එකක් නැත්නම් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා ලැබුණු තොරතුරක් මත ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් කරලා තියෙනවා.එහෙම තමයි දැනගන්න තියෙන්නේ.මේක වෙලා තියෙනවා කියන්නෙත් ගිය දෙසැම්බර් මාසේ.හැබැයි ආණ්ඩුව අද වෙන තුරු ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මොකක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *