ගල් අගුරු වංචාවට ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය අස්විය යුතුයි..

2

සමගි ජන බලවේගය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

 

ගල්අඟුරු වංචාව යටපත් කිරීමට ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කරන්නට එක්වෙමු..

මෙරට විදුලි බල උත්පාදනය තුළ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ අතිශය දූෂිත ගණුදෙනුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගය ලෙස අප අවස්ථා ගණනාවක දී රටට පෙන්වා දුන්නෙමු.

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ටෙන්ඩරය හරහා සිදුව ඇති මෙම අක්‍රමිකතාව පිළිබඳ සමගි ජන බලවේගය ලෙස අප අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ ද ඊට මෙතෙක් කිසිඳු පියවරක් ගත් බවත් පෙනෙන්නට නැත.

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන ඒම හරහා සිදු වූ වංචාව පිළිබඳ ව අප ඉදිරිපත් කළ කරුණු අවඥාවෙන් බැහැර කළ වත්මන් ජාතික ජන බලවේග රජය උද්දච්ච ලෙස කටයුතු කරමින් තමන්ගේ වංචාව ජන සමාජයෙන් වසන් කිරීමට ප්‍රබල උත්සාහයක නිරත වූ අයුරු අපට දක්නට ලැබුණි.

සමගි ජන බලවේගය සිදු කළ මෙම හෙළිදරව් කිරීම්වලට අමතර ව,

ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා ඉල්ලා අස්වෙමින් සිදු කළ ප්‍රකාශය හරහාත්යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වූ කරුණු හරහා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්තාවෙන් හෙළි වූ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය නිසා සිදුවන මූල්‍යමය පාඩුව තුළින් රටට දැකගන්නට ලැබුණේ මෙම දූෂිත ගල් අඟුරු ගණුදෙණුවේ සැබෑ තත්ත්වය යි.

අනතුරුව විගණකාධිපති වාර්තාව හරහා ටෙන්ඩර් ක්‍රියාවලියේ සිට ගල් අඟුරු ගෙන්වීම දක්වා සිදු කළ අක්‍රමිකතා සහ ඒ හරහා රටට සිදු කළ මුල්‍යමය පාඩුව කෙතරම් ද යන්න අනාවරණය විය.

එහෙත් ආණ්ඩුව ඒ සෑම අවස්ථාවක ම එම සියල්ල ප්‍රතික්ෂේප කළ පසුබිමක පසුගිය දා ගල් අඟුරු හදිසි මිල දී ගැනීමේ සිද්ධියට අදාළ හඬ පටයක් නිකුත් වීම රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කරුණක් විය.

එම හඬපටය සත්‍යයක් බව මේ වන විටත් ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාම පිළිගෙන ඇති අතර එහි සඳහන් නම් ගම් පිළිබඳ ව සහ ඔවුන් සහ ගල් අඟුරු ගණුදෙණු අතර ඇති සබැඳියාව පිළිබඳ සෙවීමට සමගි ජන බලවේගය ලෙස අප මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර ඇති අතයට ගණුදෙණු පිළිබඳවත් අප අවස්ථා ගණනාවක දී හෙළිදරව් කිරීම් සිදු කර ඇති අතර මෙම ගල් අඟුරු ගණුදෙණුවත් එහි තවත් සිද්ධියක් බව මේ වන විට කරුණු අනාවරණය වෙමින් තිබේ.

තමන්ට එල්ල වන චෝදනා එකින් එක හෙළිදරව් වෙද්දී මුණිවත රකිමින් සිටි ආණ්ඩුව අද තවත් නාට්‍ය ජවනිකාවක් පෙන්වීම ආරම්භ කර තිබේ.

දූෂිත අමාත්‍යවරයාත්අමාත්‍යාංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් මේ රටට සිදු කළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීම එම උත්සාහය යි.

ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම සිදු කළ මෙම දූෂිත ගණුදෙණුවට විෂය භාර අමාත්‍යවරයාත්කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා සහ සමස්ත කැබිනට් මණ්ඩලයත් සාමූහිකව වගකිව යුතු බව අපගේ අදහස යි.

එහෙත් පසුගිය සිකුරාදා (10) පාර්ලිමේන්තුවේ දී විදුලිබල ඇමති කුමාර ජයකොඩි ආරක්ෂා කරමින් ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් 153 දෙනා මැතිවරණයේ දී තමන් ජනතාව හමුවේ තැබූ විශ්වාසය බිඳ දැමූ අයුරු මුළු රටටම දැකගන්නට ලැබුණි.

මෙම අන්ත දූෂිත ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිල දී ගැනීම හරහා රටටත්ජනතාවගේ බදු මුදල් වලටත් සිදු කළ පාඩුව වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන අතරමෙම ආණ්ඩුවේ දූෂිත කටයුතුවලට එරෙහිව ඉදිරියේ දී ගත හැකි සියලු පියවර ගන්නා බවත් අපි අවධාරණය කර සිටින්නෙමු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *