මේ දවස් වල හැමෝම කතා කරන ස්වප්නා පාදුක්ක නම හැදුනු හැටි හෙළිකරයි

3
‘නානායක්කාරගේ ලොකු දුව’… කවුරුත් ‘සප්නා පාදුක්ක’ නම් රංගන ශිල්පිනියව හඳුනාගන්නෙ එහෙම.
සප්නා අදටත් ජනප්රිය ඒ චරිතය තුළින් කිව්වොත් හරි.
එහෙම කතාබහට ලක්වෙන ඇය, පසුකාලීනව ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණයේ ‘ජයංගා’ හැටියටත් ‘රට පවුල’ තුළින් ‘නිශානි’ හැටියටත් කාගෙත් ආදරය දිනාගන්නවා.
ඈ රඟපෑ චරිත සියල්ලම වාගේ ප්රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ඒවා කිව්වොත් හරි.
නිර්මාණ තුළින් එලෙස කතාබහට ලක්වන සප්නා, සමාජ මාධ්ය තුළත් අතිශය ජනප්රිය චරිතයක් කිව්වොත් හරි.
”සප්නා පාදුක්ක” කියන ඇගේ කෙටි නම මේ දවස්වල සමාජ මාධ්යයේ කවුරු අතරත් හරි ප්රසිද්ධයි.
නමුත් ඒ ඇයගේ සම්පූර්ණ නම නම් නෙවෙයි.
ඒ ගැනත් සිය පවුලේ තොරතුරු ගැනත් කලකට ඉහත ඇය මේ විදියට අදහස් දක්වලා තිබුණා.
”මගේ සම්පූර්ණ නම පාදුක්කගේ සිතාරා සප්නා මදුමාලි.
මගේ තාත්තා මියුසික් කරන කෙනෙක්. එයා තමයි සිතාරා කියන නම දාලා තියෙන්නෙ.
සප්නා කියන නම නැන්දා තමයි දාලා තියෙන්නෙ. ඒ දෙකේ මික්ස් එකක් තමයි ඔය.
මගේ පවුලෙ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අයියයි.
අම්මයි තාත්තයි දෙන්නම සේවය කළේ නාවික හමුදාවෙ. අයියා ගුරුවරයෙක්.
මාව පොඩිකාලෙ ඉඳන් බලාගත්තෙ ආච්චියි ලොකු අම්මයි…”
උපුටාගැනීම : Kalum Wijesooriya සමඟ කළ කතාබහක් ඇසුරින්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *