කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන තිබේ.
ඒ අනුව මෙම අනතුරින් මේ දක්වා මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.
අද (17) උදෑසන අතුරුදන් වූ සිව්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්වූ අතර තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්වූ අතර අනෙක් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
ඒ අනුව අදාළ සිරුරු දෙකද මේ වන විට සොයාගෙන ඇත.
කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමග 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස් තිබූ අතර එහිදී මෙම ඛේදවාචකය සිදුව තිබේ.
















