ෂෙහානි කකහදවල … නම කිව්ව සැනින් අපි හැමෝම දන්නා ජනප්‍රිය දක්ෂ නිලියක්. අම්මයි මමයි අවුරුදු වැඩසටහනට එක් වූ ඇය තම අම්මා ගැන පැවසු සංවේදී කතාවක් පවසනවා.
එම කතාව පහතින්
මම මගේ අම්මා දකින්නේ මගේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම කාන්තාව විදිහටයි. ඒ වගේම ඇය හරිම අහිංසක, මලක් වැනි කෙනෙක්. මම මීට කලින් කවදාවත් ඇයට මේ දේ ප්‍රසිද්ධියේ පවසා නැති වුණත්, මගේ ජීවිත කතාව ඇතුළේ මට හමුවුණු සැබෑම “යකඩ ගැහැණිය” ඇයයි. ඇය තමන්ගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම මා වෙනුවෙන් කැප කළේ තමන් ගැන කිසිම දෙයක් නොසිතායි.
ඇය මාව හැදුවේ කිසිම පිරිමියෙකුගේ, දෙමව්පියන්ගේ හෝ නෑදෑ හිතවතෙකුගේ උදව්වක් නැතිවයි. මාව ඇති දැඩි කරන්න ඇය අනුන්ගේ ගෙවල්වල වැඩ පවා කරමින් අප්‍රමාණ දුක් වින්දා. ඇගේ ජීවිතය ප්‍රශ්න වැලකින් පිරුණු ඉතාමත් වෙනස් ජීවිත කතාවක්. එදා අම්මා මා වෙනුවෙන් ඒ විදිහට ශක්තිමත් නොවන්නට, අද මම මෙතැන ජීවත් වෙන්නට පවා ඉඩක් නැති වන්නට තිබුණා.
ඉස්සර අපි දෙන්නාම විවිධ තාඩන පීඩන සහ අපහාසයන්ට ලක් වුණා. නමුත් ඒ සියල්ල මැද අද අපි දෙන්නාටම ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපේම දෙපයින් හිටගෙන, සතුටින් හිනා වෙලා නිදහසේ හුස්ම ගන්න ලැබීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම තෑග්ග මගේ අම්මායි. අද මගේ හදවත ගැහෙන්නේත් මම හුස්ම ගන්නේත් ඇය නිසයි.
මගේ අනාගතයේදී මට දරුවන් ලැබෙන්නට පුළුවන්, ස්වාමිපුරුෂයෙක් හමුවන්නට පුළුවන්. නමුත් ඒ කවුරු ආවත් මගේ ජීවිතේ අංක එක වෙන්නේ මගේ අම්මා පමණයි. මම අනාගතය ගැන ලොකු සැලසුම් හදාගෙන නැහැ. මගේ එකම ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව, අම්මා මේ ලෝකයෙන් සමුගන්නා දවස දක්වාම ඇයව උපරිමයෙන් සතුටින් තැබීමත්, ඇගේ මනස නිදහස්ව තැබීමත් පමණයි.




















