යුක්‍රේන තරුණියක් ගල්කිස්සේදී පොලිසියට පහර දෙමින් මහපාරේ යකා නටයි

2

ගල්කිස්ස ප්‍රදේශයේදී කලහකාරී ලෙස හැසිරෙමින් පුද්ගලයන්ට පහර දී පොලිස් රාජකාරියට බාධා කළ බව කියන යුක්‍රේන ජාතික කාන්තාවක එළඹෙන අප්‍රේල් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය අප්‍රේල් 12 වනදා රාත්‍රියේ ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇතබේබදු මත්ව පසුවූ බවට සැකකෙරෙන අදාළ විදේශීය කාන්තාවඑම ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයන්කාන්තාවන් සහ තරුණයන් ඇතුළු පිරිසකට ආක්‍රමණශීලී ලෙස පහර දෙන අයුරු අසල සිටි පිරිස් විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ.

එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකුට ද ඇය විසින් පහර දෙනු ලැබ ඇතමහජනතාව සහ පොලිස් නිලධාරීන් එක්ව ඇයව පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වූවදවිනාඩි 30ක පමණ කාලයක් ඇය පාලනය කළ නොහැකි ලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේඅනතුරුව රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ සැකකාරිය වසර 12ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින අයෙකු බවයිපහරදීමමංකොල්ලකෑම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සිද්ධියේදී විදේශීය කාන්තාවගේ ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතරගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *