අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

0
අලු‍ත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය හා නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සදහන් කළේ.

මේ අතර, උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා තිබෙනවා. එමෙන්ම, බස්නාහිර පළාතේ පමණක් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2500 ක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *