(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02 ආසන්න වටිනා අධිබලැති යතුරුපැදි පහක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් එකක් බව පොලිසිය සඳහන් කරයි.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතාට ලද තොරතුරකට අනුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් පිළියන්දල විකල්ප මාර්ගයේ ගරාජයක් වටලා මෙම අධ්‍ය බලැති යතුරුපැදි සමග ගරාජ හිමියා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ගරාජ හිමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පුද්ගලයන් සිව් දෙනකු මෙම යතුරුපැදි කොටස් තමන් වෙත ගෙනවිත් දුන් බවත් ඒවා එකලස් කිරීම පමණක් සිදුකළ ප්‍රකාශය අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.




















