Latest Articles
Search

දෙවියන්ගේ ඇස් වලට කුම්ෆු සටන් කරුවා කල දේ

85

උඩප්පුව කාලි කෝවිලේ කාලි ප්‍රතිමාවට රත්තරනින් නිමවා සවිකර තිබූ ඇස් දෙක ඇතුළු එම ප්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභරණ සොරාගෙන ගිය බව කියන කුම්ෆු සටන් කරුවා අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලීසිය කියයි.

Advertisement

එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ එම සංවිධානයේ සාමාජිකයන් සමඟ සැකකරු සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් ගෙන් කුම්ෆු සටන් කලාව පිළිබඳව ප්‍රගුණ කර ඇති අයකු බවත් පොලිසිය සඳහන් කරයි.

Advertisement

එවකට එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්‍රදේශයකට ගොස් මොහු මෙම සටන් කලාව පිළිබඳව ප්‍රගුණ කර ඇතැයි ද දැන ගැනීමට ඇත.

Advertisement

අඩංගුවට ගත් සැකකරු වෘත්තියෙන් පොල් කැඩීම සිදුකරගෙන යන අතර වාරයේ කෝවිල්වල බෙර වැයීම සහ කෝවිල්වල පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවල දී සිරුරේ කටු ගසා ගෙන වේල් කරත්තවල ලණුවලින් එල්ලී පෙරහැරේ ගමන් කරන අයකු බවදපොලිසිය පවසයි.

Advertisement

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලංකාදීප

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *