BREAKING NEWS
Search

උසේන් බෝල්ට් පසෙකට.. ධාවන පිටියට ආ ඕස්ට්‍රේලියානු කඟවේනා මෙන්න..

5
ධාවන පිටියේ ඉතිහාසය අලුත් කළ ඔහු කවුද..? , මේ ඇසෙන්නේ අන්න ඒ ගැන විශේෂ ආරංචියක්..

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20කට වඩා අඩු කාලයකින් නිම කරමින් ලොව මවිත කිරීමට යොවුන් ක්‍රීඩක ගවුට් ගවුට් (Gout Gout) සමත්ව තිබෙනවා.

ගවුට් ගවුට් මීටර් 200 ඉසව්ව තත්පර 19.67 කින් නිම කරමින් පිට පිටම දෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු මීටර් 200 ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

මෙම දක්ෂතාවත් සමඟ ඔහු සුපිරි ධාවන ශූර උසෙන් බෝල්ට් සහ එරියන් නයිටන් සතු කර තිබූ වයස අවුරුදු 20න් පහළ (Under 20) ලෝක වාර්තාව බිඳ දමමින් නව ලෝක වාර්තාවකට හිමිකම් කියනු ලැබුවා.

මෙහිදී ඒඩ්න් මර්ෆි (Aidan Murphy) ද තත්පර 19.88 කින් තරගය නිම කළ අතර, ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක සටහන් කළා.

ගවුට් ගවුට් තත්පර 20 සීමාව (Sub-20 barrier) පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයෙකු ලෙස ද ඉතිහාසයට එක් වූ අතර මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසෙන් බෝල්ට්ගෙන් පසු ලෝක මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂීම දක්ෂතාව ගවුට් ගවුට් බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *