Latest Articles
Search

ෆේස් මාස්ක් දෙකක් පැලදීමෙන් සිදුවෙන දේ

1153

ද්විත්ව මුඛ ආවරණ භාවිතයෙන් කොවිඩ්-19 වෛරසයට එරෙහි ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නව නිර්දේශ ඉදිරිපත් කරමින් පවසයි.

Advertisement

මුඛ ආවරණ පැළඳීම මගින් කොරෝනා වෛරසයෙන් පවුලේ ආරක්ෂාව වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එම ආයතනය ද්විත්ව මුඛ ආවරණ භාවිතය ගැනද විශේෂයෙන් සඳහන් කර තිබේ.

Advertisement

ඔවුන් පවසන්නේ ඉවත දැමිය හැකි මුඛ ආවරණයක් (ශල්‍ය මුඛ ආවරණයක් වැනි) උඩින් රෙදි මුඛ ආවරණයක් පැලඳීම යෝග්‍ය බවයි. එවිට එය ද්විත්ව මුඛ ආවරණ පැලඳීමකි. කෙසේ වෙතත් රෙදි මුඛ ආවරණයද ස්ථර තුනකින් යුතු මුඛ ආවරණයක් වීම වඩාත් යහපත් බව ඔවුන් සඳහන් කරයි.

Advertisement

මේ ආකාරයෙන් ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයකට ඉහළින් රෙදි මුඛ ආවරණයක්ද දැමීමෙන් වෛරසය බෝවන අංශු 92.5% ක් පමණ කාන්දු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.

Advertisement

එසේම මුඛ ආවරණයේ පැලඳීමේදී නාසයට උඩින් කම්බියක් ඇති මුඛ ආවරණයක් පැලඳීමද දිරිමත් කරන ඔවුන්, ලිහිල් මුඛ ආවරණවල හැඩැස්වලින් වාතය කාන්දුවීම වැලැක්විය යුතු බව අවධාරණය කරයි. ඒ ආකාරයෙන් මුඛ ආවරණයක් පැලඳි විට ඊට උඩින් හෝ යටින් හෝ දෙපසින් කිසිදු ආකාරයකින් වාතාශ්‍රය කාන්දු නොවන බව සැකහැර දැනගන්නා ලෙසද ඔවුන් පවසයි. මීට අමතරව හුස්ම ගැනීමේ කපාට ඇති හෝ හැඩැස් ඇති මුඛ ආවරණ නොපලඳින ලෙසද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *