BREAKING NEWS
Search

සුභාෂිනී දිවි නසාගත්තේ ශාස්වි බාලා ලෙස අනන්‍යතාවය වෙනස් කර ගැනීමට දැරූ වේදනාත්මක වෑයම නිසාද?

59


ශ්රී ලංකාවේ උපන් ජනප්රිය දමිළ රූපවාහිනී හා සිනමා නිළියක වු සුභාෂිනී බාල සුබ්රමනියම් ඉකුත් අප්රේල් හය වැනිදා චෙන්නායිහි පිහිටි ඇගේ නිවසේදී මිය ගොස් තිබුණේ ඇගේ සමකාලීනයන් ඇතුළු ශ්රී ලාංකික රසිකයින් කම්පනයට ලක් කරමිනි.

ඇය සිංහල ප්රේක්ෂකයා වැළඳගත් නිර්මාණය වූයේ අශෝක හඳගමගේ විසින් නිර්මාණය කළ ඉනි අවන් චිත්රපටයයි.

ඉන් කෙටි කලකට පසු ඉන්දියාවට ගිය සුභාෂිනී පිළිබඳ ලාංකික රසිකයින්ටද අමතක වන තරමට සුභාෂිණි ගැන ආරංචියක් නොවීය.

ඇත්තටම ඇය ඉන්දියාවේ ජීවත් වූ බව අප දැනගත්තේද ඇගේ මරණයෙන් පසුවයි. එම කාල සීමාව තුළ ඇය ඉන්දීය නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙමින් ඇගේ අනන්යතාවය ගොඩ නඟා ගැනීමට උත්සහ කර තිබූ අතර ඇය එම කාල සීමාව තුළ Shaashvi Bala ලෙස ඇගේ නම පවා වෙනස් කරගෙන තිබිණි.

එමෙන්ම ඉනි අවන් චිත්රපටයේ ඇගෙන් දක්නට ලැබුනු ශ්රී ලාංකික දමිළ පෙනුම ඉන්දියාවේ දී සම්පුර්ණයෙන් වෙනස් කර ගැනීමට ඇය උත්සහ කර ඇති බව ඇගේ ඡායාරූප සන්සන්දනය කිරීමෙන් පැහැදිලි වන බව ඉනි අවන් අධ්යක්ෂ අශෝක හඳගමගේ පෙන්වා දී තිබෙනවා.

ඇගේ පැරණි අනන්යතාව මරා දමා Shaashvi Bala ලෙස උපත ලැබීමට ඇය දැඩි වේදනාවක් විඳින්නට ඇති බවයි ඔහු පවසන්නේ.

සිය මුහුණු පොතේ මේ බව සඳහන් කරන අශෝක හඳගම,

“බාහිර රූප සොබාවෙන් වැසී ගිය ඇගේ ආත්මීය වේදනාව සිය දිවි නසාගැනීමට තරම් දරුණු වන්නට ඇත. එය වචනයට නැගිය නොහැකි කෂතිමය (traumatic) අත්දැකීමකි. විවිධ අය විවිධ හේතු දක්වමින් එම මරණය තේරුම් ගැනීමට උත්සාහ කලද එය දන්නේ ඈම පමණි. එනම් Shaasvi Bala ම පමණි.

සුභාෂිනි ඔබ අපෙන් සමුගෙන බොහෝ කල්. Shaasvi Bala, නාදුනන සොයුරිය, ඔබට සුබ ගමන්!” යනුවෙන් පවසා තිබෙනවා.

හඳගම කියන පරිදිම ඇය ඇගේ බාහිර ස්වරූපය, ඇගේ නම, ජීවත් වන තැන ඇතුළු බොහෝ දේ වෙනස් කර ගැනීමට උත්සහ දරා ඇති බව දැන් පැහැදිලිය.

සමහර විට ඒ සියලු දේ අවසානයේ ඇයට දැඩි වෙහෙසක්,මහන්සියක්, කළකිරීමක් දැනෙන්නට ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *