BREAKING NEWS
Search

ආශා බෝස්ලේ ගැන දුක හිතෙන ආරංචියක්

15

ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ හෘදයාබාධයක් හේතුවෙන් මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා පවසයි.

ඇයට ඇති වූ බව කියන සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඊට හේතුව බව එහි සඳහන්ය.

92 හැවිරිදි වියේ පසුවන ඇය දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ රැජිනක ලෙස වැජඹුණේ, තමන්ටම ආවේණික වූ සුවිශේෂී ගායන ශෛලියක් ගොඩනගා ගනිමිනි.

සංගීතයට සිදු කළ ඉහළතම සේවය අගය කරමින්, ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින් ඇය පිදුම් ලබා තිබේ.

රෝහල ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර ඇගේ පවුලේ අය විසින් ද කිසිදු ප්‍රකාශයක් කර නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *