කාලයක් තිස්සේ වවුනියාවේ වේක්කඩිපිලුව ගම්මානයේ පවුලක් විදියට එකට ජීවත් වුණු සහෝදර සහෝදරියන් දෙන්නෙක් ගැන අද අහන්න ලැබෙන්නේ හිත කම්පා කරවන පුවතක්.
එකම කුසින් උපන් සහෝදරයා අතින්ම තම සහෝදරියගේ ජීවිතය අකාලයේ නැති වූ පුවතක් වවුනියාවෙන් වාර්තා වෙනවා.
සිද්ධිය වෙන්නේ මෙහෙමයි… ඊයේ දිනයේදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි සහෝදරයා, තම වැඩිමහල් සහෝදරිය සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙනවා. මේ ආරවුල දුරදිග ගොස් පාලනය කරගත නොහැකි වූ තැන, තමන්ගේම අක්කා කියන හැඟීම පවා අමතක වූ සහෝදරයා පිහියකින් ඇයට පහර දී තිබෙන්නේ මුළු ගමක්ම භීතියට පත් කරමින්.
පිහි ඇනුමෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඇයව වහාම වවුනියාව මහා රෝහලට ඇතුළත් කිරීමට අසල්වැසියන් කටයුතු කළත්, අවාසනාවන්ත ලෙස ඇය ඒ වන විටත් මෙලොව හැර ගොස් තිබුණා. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 56 හැවිරිදි පවලරත්නම් සෙල්වමාලා නැමති කාන්තාවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, සිය සහෝදරිය ඝාතනය කළ පුද්ගලයා සහ ඝාතනයට යොදාගත් පිහියද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුළු ආරවුලක් සහ බීමත්කම නිසා එකම ලේ සබඳතාවක් කෙළවර වූයේ මුළු පවුලක්ම අසරණ කරමින්.




















