BREAKING NEWS
Search

අපරීක්ෂාකාරී රිය ධාවන වීඩියෝ එවන්න පොලීසියෙන් නව ‘WhatsApp’ අංකයක්

107

අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා, පොලීසිය විසින් නව ‘WhatsApp’ අංකයක් හඳුන්වාදී තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ සඳහා 070-4755600 දරන දුරකථන අංකයෙන්ද අවස්ථාව සලසා ඇති බවය.

මෙම අංකය රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණයෙන් යුක්තව, පැය 24 පුරාම ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ දැක්වේ.

අදාළ වීඩියෝ දර්ශන යොමුකිරීමේ දී, එය සිදු වූ දිනය, ස්ථානය හා පොලිස් වසම සඳහන් කර යොමු කරන ලෙස පොලීසිය මහජනතාගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *