ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන විජේ හෙවත් ‘තලපති’ විජේ විසින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර ඔහු රංගනයෙන් දායක වන අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටයේ අනවසර පිටපතක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි කම්පනයකට ලක්ව ඇති ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා පළවන්නේ.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙම සිදුවීම පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින්නේද යන සැකය මේ වන විට රසිකයන් සහ විචාරකයින් අතර දැඩිව කතාබහට ලක්වෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එච්. විනෝද්ගේ අධ්‍යක්ෂණයෙන් සහ KVN Productions හි නිෂ්පාදනයෙන් දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය වූ මෙම චිත්‍රපටය, මුලින් 2026 ජනවාරි මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබූ අතර එහි අන්තර්ගත දේශපාලන තේමාවන් සහ දෙබස් මැතිවරණ නීතිරීතිවලට බලපෑමක් ඇති කළ හැකි බව පවසමින් ඉන්දීය චිත්‍රපට සංවේදී මණ්ඩලය (CBFC) මෙයට සහතික පත්‍රයක් ලබා දීම ප්‍රමාද කරනු ලැබුවා.



















