BREAKING NEWS
Search

ඔහු හදිසියේම සිහිසුන්ව ඇද වැටුණා.. “Love Bite” එකක් තරුණයෙකුගේ ජීවිතයක් උදුරාගනී..

85
ආදරය නිසා ජීවිතයක් අහිමි වේවිද..?

මෙක්සිකෝවෙන් වාර්තා වූ මෙම පුවත මුළු ලොවම මවිතයට පත් කළ දුර්ලභ වෛද්‍ය වාර්තාවක් වුණා.

මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. ආදරවන්තයන් අතර සෙනෙහස පළ කිරීමට හුවමාරු කරගන්නා “Hickey” නැතිනම් “Love Bites” මාරාන්තික විය හැකි බව ඔබ කවදා හෝ සිතුවාද.?

මෙක්සිකෝවේ පදිංචි 17 හැවිරිදි ජුලියෝ මැකියාස් ගොන්සාලෙස් (Julio Macias Gonzalez) සිය පෙම්වතිය සමඟ කාලය ගත කර පැමිණ රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී හදිසියේම සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. වහාම රෝහල් ගත කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වූයේ බෙල්ලේ ඇති වූ “හිකී” (Hickey) එකක් නිසා නිර්මාණය වූ ලේ කැටියක් (Blood Clot) මොළය දක්වා ගමන් කිරීමෙන් සිදු වූ ආඝාත තත්ත්වයක් (Stroke) මරණයට හේතුවී ඇති බවයි.

මෙහි ඇති විද්‍යාත්මක පසුබිම මෙසේයි,
අපගේ බෙල්ලේ දෙපස මොළයට රුධිරය සපයන ප්‍රධාන ශිරා දෙකක් පිහිටා තිබෙනවා. මේවා Carotid Arteries ලෙස හැඳින්වෙනවා. “හිකී” එකක් ලබාදීමේදී යොදන අධික උරාබීම හෝ පීඩනය නිසා මෙම ශිරා බිත්තිවලට හානිවී ලේ කැටියක් නිර්මාණය වීමේ ඉතා සුළු අවදානමක් පවතිනවා.

මෙම ලේ කැටිය රුධිර සංසරණය හරහා මොළයට ගමන් කළහොත් රුධිර සැපයුම අවහිර වී අංශභාගය හෝ මරණය පවා සිදුවිය හැකියි.

වෛද්‍යවරුන් පවසන පරිදි මෙය අතිශය දුර්ලභ සිදුවීමක්. නමුත් සාමාන්‍යයෙන් “හිකී” එකක් යනු සම මතුපිට ඇති කුඩා රුධිර වාහිනී පිපිරීමෙන් ඇතිවන සීරීමක් හෝ තැලීමක් පමණි.

එහෙත් බෙල්ල වැනි සංවේදී ප්‍රදේශයකට අධික පීඩනයක් එල්ල කිරීම මෙවැනි බරපතල තත්ත්වයකට මඟ පාදිය හැකි‍යි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *