හෝමාගම පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මෙම මරණය යම්කිසි පිරිසක් විසින් පහරදීමකින් සිදුවූ මරණයක් බවයි.
මරණකරු අවුරුදු 19ක් වූ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික සරසවියක සිසුන් පිරිසක් විසින් අදාළ හෝටලයේ පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




















