BREAKING NEWS
Search

විදුලිය කපනකොට නිල වශයෙන් දන්වනවා. – අමාත්‍ය කුමාර ජයකොඩි

11

පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය.

යම් හෙයකින් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන්නේ නම්ඒ පිළිබඳව කල්තියා නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳවැටීම් වාර්තා වන නමුත්එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලය අවට ප්‍රදේශය ඇතුළුව දිවයිනේ බොහෝ ස්ථානවල රජය විසින් නිල නොවන මට්ටමින් විදුලි කප්පාදුවක් සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේ ඊයේ දිනයේදීත් පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය ඇනහිට තිබූ බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *