දකුණු ඉන්දීය සිනමාවේ දුෂ්ටයා ප්‍රකාශ් රාජ් මවගේ අවසන් කටයුතු ආගමානුකුලව කරාට කුණු බැනුම්

4
දකුණු ඉන්දීය සිනමාවේ ප්රසිද්ධ නළුවෙකු වන ප්රකාශ් රාජ් (Prakash Raj) මෑතකදී දැඩි විවේචනයට ලක් වුණේ ඔහුගේ මවගේ අවසාන කටයුතු ඉටු කිරීම සම්බන්ධ සිදුවීමක් නිසාය.
ප්රකාශ් රාජ්ගේ මව වයස අවුරුදු 86 දී මිය ගිය අතර ඇයගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඇය අදහන ලද ආගම වූ ක්රිස්තියානි ආගමේ රීතිවලට අනුවයි.
එහිදී මිනිසුන් ප්රකාශ්ව විවේචනය කරන්න පටන් ගත්තේ ඔහු මීට පෙර තමන් දෙවියන් වහන්න්සේ විශ්වාස නොකරන්නෙකු (atheist) ලෙස හඳුන්වා දී තිබීම හේතුවෙනි.
 “ඔයා atheist නම් ඇයි අම්මාගේ අවසන් කටයුතු ආගමික චාරිත්රවලට අනුව සිදු කරන්නේ?” යැයි සමාජ මාධ්යවල දැඩි ලෙස ප්රශ්න කළ අයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ,
“මට දෙවියන්වහන්සේව විශ්වාස නැහැ. ඒත් මගේ අම්මා විශ්වාස කළා. ඇයගේ විශ්වාසයට ගරු කරන එක මගේ වගකීම” බවයි.
විවේචකයන්ට දැඩි වචන භාවිත කරමින් ඔවුන් ද්වේශය පතුරුවා හරින්නන් බවට ඔහු චෝදනා කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *