BREAKING NEWS
Search

රාති‍්‍රියේ කරන විදුලි පරිභෝජනය දහවල් කාලයේ කරන්න..- නියෝජ්‍ය ඇමතිනී කියයි

34

රාත්‍රී කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිනී කෞෂල්‍ය අරියරත්න මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇය පෙන්වා දෙන්නේ සෑම දිනකම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය උපරිම මට්ටමක පවතින බවයි.

එම නිසාඑම කාලසීමාව තුළ සිදුකරන විදුලි පරිභෝජනය හැකිතාක් දුරට දහවල් කාලය වෙත යොමු කරන ලෙස ඇය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.

මෙම ඉල්ලීම ඉටු කිරීම තුළින් පද්ධතියට ලබා දිය හැකි සහයෝගය පිළිබඳව අවධාරණය කළ ඇයරාත්‍රී කාලයේ පවතින දැඩි පීඩනය අවම කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වන බව ද පවසා සිටියාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *