BREAKING NEWS
Search

විපක්ෂය රටට සාපයක්

17

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වුවහොත් පාරට බැස හෝ එම වගකීම ඉටු කිරීමට ජනතාව සූදානම් බවත්ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වවුනියාවේ පැවති 53 වන අප්‍රේල් විරු සමරු උත්සවය අමතමින් ඔහු මේ බව අවධාරණය කළේ විපක්ෂයේ වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂය වැනි විපක්ෂයක් ලෝකයේ වෙනත් කිසිදු රටකින් දැකගත නොහැකි බවත්ඔවුන් රටට සැබෑ සාපයක් වී ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව සංවිධානය කර බලය ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවටවිපක්ෂය සැමවිටම බලා සිටින්නේ කුමන්ත්‍රණ මගින් හෝ රටට විපතක් සිදුවන තෙක් බව ඔහු චෝදනා කළේය.

ජාතික ජන බලවේගය 3% ක ඡන්ද ප්‍රතිශතයක සිට ආරම්භ කරජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කරමින් විශාල වෙහෙසක් දරා බලය ලබාගත් බව සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතාවිපක්ෂයට ජනතාව සංවිධානය කර පාරට බැස්සවීමට පවා නොතේරෙන බව ප්‍රකාශ කළේය.

විපක්ෂය විසින් වරින් වර දෙසැම්බර් සහ අප්‍රේල් මාසවල ආණ්ඩුව පෙරළෙන බවට දින වකවානු ලබා දුන්නදජනතාව පාරට බසින්නේ ආණ්ඩුව පෙරළීමට නොව එය රැකගැනීමට බව ඔහු වැඩිදුරටත් පැවසීය.

තෙල් හිඟයක් නොමැති අවස්ථාවල පවා කෘතිම පෝලිම් නිර්මාණය කරමින් ජනතාව කුපිත කිරීමට විපක්ෂය උත්සාහ කළ බවත්පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු වංචාව වැනි සිදුවීම්වල මහ මොළකරුවන් ආරක්ෂා කිරීමට පොත් ලියූ පිරිස් අද විපක්ෂයේ සිටින බවත් ඔහු අනාවරණය කළේය.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන අවලාදබොරු ප්‍රචාර හෝ පුද්ගල අපහාස මගින් තම ව්‍යාපාරයේ ගමන නැවැත්විය නොහැකි බව ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

සමාජය සහ තරුණ පරපුර විපක්ෂයට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බැවින් මෙවැනි බොරු ප්‍රචාරයන්ට ජනතාව නොරැවටෙන බවද ඔහු පෙන්වා දුන්නේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *