BREAKING NEWS
Search

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 775කින් ඉහළට

428

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 4765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 1910ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 890කි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *