මෝටර් රථයේ වැදී බිම වැටුණු යතුරුපැදිකරුවා බස් රථයට යට වෙයි! කඩවතින් ඇහෙන සංවේදී පුවත..

83
නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශය අද දහවල් කාලයේදී දැඩි කම්පනයකට පත් වුණා.
ඒ, ඉතාමත් අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.

කඩවත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු, සිය යතුරුපැදියෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. වාර්තා වන පරිදි, යතුරුපැදිය එකම දිශාවට ගමන් කළ මෝටර් රථයක ගැටී ඔහු බිමට ඇද වැටී ඇති අතර, ඒ මොහොතේම එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඔහු යට වී තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙස මොහොතකින් මේ සියල්ල සිදු වූ බවයි. මේ වන විට කඩවත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කරලා තියෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *