දකුණු ඉන්දීය සිනමා තරු වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ඔවුන්ගේ මුළු ලෝකයේම අවධානය දිනාගත් විවාහ මංගල්ලයට දින 39කට පසු යළිත් සමාජ මාධ්යයන්හි ප්රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.
ඒ රසිකයින් ව්යාකූල කළ පුවතක් සමඟයි.
ඉකුත් පෙබරවාරි මාසයේ උදයිපූර් හි පැවති උත්කර්ෂවත් උත්සවයකදී සිදු වූ ඔවුන්ගේ විවාහයේ සිට චාරිත්ර වාරිත්ර ඇතුළු සියලු වැදගත් අවස්ථා මාධ්යයන්හි ප්රධාන පුවතක් බවට පත් වුණා. ඔවුන්හේ හනිමූන් දිනවල ඡායාරූප හා වීඩියෝ ද මාධ්යවලට ප්රවෘත්ති වුණා.
ඉන්පසු ඔවුන් යළිත් මාධ්යවල සිරස්තල බවට පත්ව ඇත්තේ දින 39ක් ලබද්දීම ඔවුන්ගේ ජීවිතයට තුන්වැන්නෙකු එකතු වීමට යන බව පවසමින් රශ්මිකා මන්දනා Instagram හි Share කරගත් Animation video එකක් හේතුවෙනි.
එහි මාතෘකාව ලෙස ඇය “අපි දැන් තුන්දෙනෙක්” ලෙස සටහන් කර තිබීම කුතුහලය තවත් වැඩි වීමට හේතු වුණා.
පැය කිහිපයක් ඇතුළත, යුවළගේ රසිකයන්ගේ සුබ පැතුම් ප්රතිචාර වැස්සක් ඊට ලැබී තිබුණා.
කෙසේ වෙතත්, රශ්මිකා හෝ විජේ විසින් මෙම පුවත නිල වශයෙන් තහවුරු කර නැහැ.
රශ්මිකා විසින් බෙදා ගන්නා ලද Animation videoවේ ඇය සහ විජේ සමඟ ඩිජිටල් සූරියකාන්ත චරිතයක් සිටී.
“රූ” ලෙස හඳුන්වන සූරියකාන්ත චරිතය, “රශ්මිකා සහ රූ” ලෙස කාලයක් තිස්සේ සංවර්ධනය කරමින් සිටින නිර්මාණාත්මක ඩිජිටල් කතන්දර වීඩියෝ පෙළකි. මෙය දිගු කාලයක් තිස්සේ positive හා Inspiration පණිවිඩ ලබා දීම සඳහා සකස් කළ නිර්මාණාත්මක විශේෂාංගයක් වන අතර එම චරිත දෙක අතරට විජේගේ චරිතය ද එක් වූ බව හැඟවීමට ඇය මෙම සටහන යොදා ඇති බව බොහෝ දෙනෙක් උපකල්පනය කර තිබෙනවා.
රශ්මිකා animation කලාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නියක් ලෙස ප්රකටය.

















