“ලොව හොඳම පරිප්පු ව්‍යංජනයේ රස බැලීමට ශ්‍රී ලාංකිකයන්ට මෙම උත්සව සමයේදීත් අවස්ථාව ලැබෙනු ඇත” යනුවෙනුයි ඔහු එහිදී පවසා සිටියේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන පරිප්පු අඛණ්ඩව සැපයීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බවත් මෙම සැපයුම හරහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවයි මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

















