BREAKING NEWS
Search

අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට අමාත්‍යාංශ කිහිපයකට උපදෙස්.

316
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන සහ බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම ඊයේ (01) පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එහිදී, අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

තවද, අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හැකි සෑම විටම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු සැලසුම් කළ විභාග නියමිත පරිදි පැවැත්වීමට පියවර ගෙන ඇති අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් කැඳවමින් සේවා පවත්වාගෙන යාමටද මෙහිදී තීරණය කර තිබෙන බවයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන්.

දෛනික බලශක්ති පරිභෝජනය සහ රාජ්‍ය සේවක පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ‘Dashboard’ පද්ධතියක් හඳුන්වා දීමටද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *