BREAKING NEWS
Search

ටික්ටොක් බැලුවාට පියාගෙන් ලැබුණු හිතාගන්නවත් බැරි දඬුවම.. නිවසට ගිය පොලිස් ලොක්කා සංවේදී කළ සිදුවීම මෙන්න

138
අද කාලේ දරුවන් තාක්ෂණයට ඇබ්බැහිවීම දෙමව්පියන්ට ලොකු හිසරදයක් වෙලා තියෙනවා. ඒ නිසා ඇතිවෙන කේන්තිය පාලනය කරගන්න බැරි වුණාම මොන වගේ විනාශයක් වෙන්න පුළුවන්ද..? මේ කියන්න යන්නේ අන්න එවැනි සිදුවීමක් ගැන දෙණියාය පැත්තෙන් අහන්න ලැබුණේ හරිම සංවේදී පුවතක්.
සිද්ධිය වෙන්නේ මෙහෙමයි. දෙණියාය ප්‍රදේශයේ කුලී වැඩ කරන පියෙක් තමන්ගේ ජංගම දුරකථනය නිවසේ අමතක වෙලා දාලා වැඩට ගිහින් තිබුණා. නිවසේ හිටපු දරුවන් මේ දුරකථනය අරගෙන දිගටම TikTok වීඩියෝ බලමින් ඉඳලා තියෙනවා. වැඩ ඇරිලා ගෙදර ආපු පියා, දරුවන්ට පාඩම් කරන්න කියලා නියම කරලා තියෙන්නේ ඒ දරුවන්ගේ අනාගතය ගැන හිතලයි.

හැබැයි ටික වෙලාවකින් පියා බලද්දී මේ දරුවා පාඩම් වැඩ පසෙක දාලා ආයෙමත් හොරෙන් ටික් ටොක් බලනවා. ඒ වෙලාවේ ඇති වුණු අධික කේන්තිය පාලනය කරගන්න බැරි වුණු පියා, ලිපේ තිබුණු රත් වුණු යකඩ කූරක් අරගෙන තමන්ගේම වැඩිමහල් පුතාගේ පිටුපස ප්‍රදේශය පුළුස්සා තිබෙනවා.

පසුවදා පාසල් ගිය දරුවා අපහසුවෙන් ඉන්නවා දැකපු විදුහල්පතිතුමා වහාම ක්‍රියාත්මකවෙලා දරුවාව රෝහල්ගත කරන්න පියවරගෙන තිබුණා. දැනට දරුවා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සිද්ධිය ගැන හොයන්න දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න, ඒ නිවසට ගිය වෙලාවේ තමයි කවුරුත් නොහිතපු දෙයක් දැක්කේ. ඒ ගෙදර දරුවන්ට කන්න වේලක්වත් තිබිලා නැහැ. බිරිඳත් අසනීපයෙන්. පියා කුලී වැඩ කරලා හම්බ කරන සුළු මුදලෙන් තමයි මේ හැමෝම ජීවත් වෙලා තියෙන්නේ.

නිතරම නීතිය අකුරටම ඉටු කරන පොලිස් නිලධාරීන් පවා මේ අසරණකම දැකලා සංවේදී වුණා. ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිස තමන් සතු මුදල් එකතු කරලා ඒ වෙලාවෙම ඒ අසරණ පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අරන් දෙන්න කටයුතු කරලා තියෙන්නේ මනුෂ්‍යත්වය රුපියල් සතවලට වඩා වටිනා බව පෙන්වමින්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *