BREAKING NEWS
Search

ඉන්දියාවේ මහා ලොකු වැඩේ !

1

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ ඉන්දියාවේ ජන සංගණනය අද (1) ආරම්භ වූ අතර නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් ඊට අදාළ දත්ත එකතු කිරීමට නියමිතය.

දශකයකට වරක් පවත්වනු ලබන මෙම ජන සංගණනය 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට කැමති පුරවැසියන් සඳහා කෙටි කාලයක් ලබා දෙමින් එය අද (1) දිනයේ ආරම්භ වන බව ඉන්දීය රජය කල්තියා දැනුම් දී තිබුණි.

නිවසින් නිවසට ගොස් සිදුකරන භෞතික සමීක්ෂණ අදියර දෙකක් පවත්වනු ලබන බව එරට සංගණන කොමසාරිස් මෘතුංජේ කුමාර් නාරායන් පැහැදිලි කර ඇත.

පළමු අදියරේදී නිවාස සහ නිවාසවල තත්ත්වයන් ලැයිස්තුගත කෙරෙන අතර, දෙවන අදියරේදී පදිංචිකරුවන් සහ ඔවුන්ගේ ආර්ථික හා සමාජීය පරාමිතීන් පිළිබඳව දත්ත රැස් කෙරෙන බව පැවැසෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *