BREAKING NEWS
Search

ෂූටින් අතරතුර නිළියකට කරදර කළ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

59
ෂූටින් අතරතුර නිළියකට අතවර කළ අධ්යක්ෂවරයා අත්අඩංගුවට
මලයාලම් සිනමා අධ්යක්ෂ රන්ජිත් බාලක්රිෂ්ණන් විසින් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට නිළියක් කළ චෝදනාවක් හේතුවෙන් පොලිස් අත්ඩංගුවට ගෙන තිබෙනවා.
කොචි (Kochi) නගර පොලිසියට සඳුදා දිනයේ ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි වාර්තා වන්නේ.
පැමිණිල්ල ගොනු කළ නිළිය චෝදනා කර ඇත්තේ, ෂූටිං අතරතුර ඔහු ඇයව caravan එකකට ඇදගෙන ගොස් ලිංගික අතවර කිරීමට උත්සාහ කළා බවයි.
ඉන්පසු පොලිසිය කඩිනම් ක්රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වෙනවා.
👉 මලයාලම් චිත්රපට ක්ෂේත්රයේ ප්රසිද්ධ අධ්යක්ෂවරයෙකු වන රන්ජිත් මීට පෙරද මෙවැනිම චෝදනාවලට ලක් වූ අධ්යක්ෂවරයෙකි.
ඔහුට එරෙහිව එම චෝදනා එල්ල වූයේ මලයාලම් චිත්රපට කර්මාන්තයේ හිරිහැර හා අපයෝජන පිළිබඳ කේ හේමා කමිටු වාර්තාවේ හෙළිදරව් කිරීම්වලදීය.
2024 දී, බෙංගාලි නිළියක් කොචි නගර පොලිස් කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු රංජිත්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.
2009 දී පලේරි මාණික්යම් චිත්රපටයේ රඟපෑමට ආරාධනා කිරීමෙන් පසු රංජිත් ලිංගික චේතනාවෙන් නුසුදුසු ලෙස ඇයව ස්පර්ශ කළ බවටයි ඇය චෝදනා එල්ල කර තිබුණේ.
රංජිත් බාලක්රිෂ්ණන් යනු මලයාලම් සිනමාවේ සේවය කරන චිත්රපට අධ්යක්ෂවරයෙක්, තිර රචකයෙක්, නිෂ්පාදකයෙක් සහ නළුවෙකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *