BREAKING NEWS
Search

සංවිධානාත්මක අපරාධ වළක්වන්න නව පනතක්

5

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්‍පතක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැඩිවීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සහ පුරවැසියන් එවැනි ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇතැයි රජය කියයි.

ඒ සඳහා දැනට ක්‍රියාත්මක නිශ්චිත නීතිවල අඩුපාඩු පවතින බව සහ පවතින සාමාන්‍ය නීති ප්‍රමාණවත් නොවන බව හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත් කෙටුම් පතක් සකස් කිරීම පිණිස පදනම් කර ගැනීමට හැකි වන පරිදි මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කරනු ලැබූ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *