අ.පො.ස (උසස් පෙළ) 2025 විභාගයෙන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අප්‍රේල් 6 සිට අප්‍රේල් 22 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකියි.
එම විභාගය සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වුණා.




















