BREAKING NEWS
Search

වසර 50කට පසු සඳ දෙසට යන ගමන

24

1972 වසරින් පසු පළමුවරට මිනිසුන් රැගෙන සඳ දෙසට යෑමට නියමිත ‘ARTEMIS – II’ මෙහෙයුම සඳහා තෝරාගත් ගගනගාමීන් සිව්දෙනා මේ වනවිට ෆ්ලොරිඩාවට පැමිණ සිටියි.

නාසා අභ්‍යවකාශගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච්, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී ජෙරමි හැන්සන් යන අය මෙලෙස තෝරාගෙන තිබේ.

අදාළ මෙහෙයුම අප්‍රේල් 1වැනිදා දියත් කිරීමට නියමිත අතර, එය ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සඳ බලා පිටත්ව යෑමට නියමිත බව නාසා ආයතනය පවසයි.

අදාළ ගමන දින 10කින් සමන්විත අතර, ඔවුන් ඔරියන් කැප්සියුලයකින් මෙම ගමන සිදුකිරීමට නියමිතය.

‘ARTEMIS – II’සඳ ගමන 2023 සූදානම් වූවක් වන අතර, ඒ සඳහා මෙම ගගනගාමීන් වසර දෙකකට වැඩි කාලයක් පුහුණුව ලබා තිබේ.

මෙහෙයුමේ නියමුවා වික්ටර් ග්ලෝවර් වන අතර, ඔහු සඳ අසලින් ගමන් කරන පළමු කළු ජාතික ගගනගාමියා බවට පත්වනු ඇත.

එමෙන්ම ක්‍රිස්ටිනා කොච් පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන පළමු කාන්තාව වනු ඇති අතර, ජෙරමි හැන්සන් පළමු අමෙරිකානු නොවන ජාතිකයා වනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *