පසුගිය 28 වැනිදා දහවල් නීලගම මාර්ගයේ තමන්ගේ යතුරුපැදියෙන් යමින් සිටි මේ ව්‍යාපාරිකයා එකපාරටම අතුරුදන් වෙලා. ඔහුගේ බයික් එක පාර අයිනේ තිබියදී හමු වුණත් ඔහුට වුණු දෙයක් ගැන කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ.
අතුරුදන් වීමේ අබිරහස තවත් වැඩි වුණේ අද (29) උදෑසන ඔහුගේ ජංගම දුරකථනය අසල තිබූ තේ වත්තක තිබී හමුවීමත් එක්කයි.
මේ අබිරහස විසඳන්න රත්නපුර පොලිසියේ නිල පොලිස් සුනඛ අංශයේ සහාය ලබා ගත්තත් පුදුමයට කරුණ නම් එම සුනඛයාට පවා කිසිදු ඉවක් ලබා ගැනීමට නොහැකි වීමයි.
පොලිසිය කියන විදිහට මේ ස්ථානය හරිම පාළු එකක්. මැණික් ව්‍යාපාරිකයෙක් නිසා මොහු පසුපස කිසියම් පිරිසක් පැන්නුවාද? නැතිනම් වෙනත් දෙයක්ද? කහවත්ත පොලිසිය මේ ගැන දැන් දිවා රෑ නොබලා පරීක්ෂණ පවත්වනවා.




















