BREAKING NEWS
Search

ත්‍රීරෝද රථයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි

159

ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (17) මෙම අනතුර සිදුව ඇති අතර ඉමදූව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී මුලනකන්ද දෙස සිට සමගි මාවත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව බෑවුමකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් රියදුරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වූ ඉමදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය විසින් සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *