BREAKING NEWS
Search

කොන්දොස්තරත් බියවෙයි.. බස් එකේ පිටුපස්සෙන් කෙනෙක් ගොඩවුණත් කිසිවෙකුත් අසුන්වල සිට නැහැ.. උදේ පාන්දර ගමන් ඇරඹූ බසයක සිදුවුණේ කුමක්ද..?

261
මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්. බස් රථයට ඇත්තටම කෙනෙක් නැග ගත්තාද..?

එහෙනම් එහෙම කවුරුත් නැති වෙන්නේ කොහොමද..?

මේ ඇසෙන වෙනස්ම කතාව මොකක්ද දන්නවාද? ඇසූවන් පුදුමයට පත් වෙන එය ඇසෙන්නේ ඈත ගම්බද පැත්තකින්.

සෙනඟ අඩු බස් රථයේ ටිකට් නොගෙන යාමට අපූරු ඝන දෙවි නුවණක් පහළ වූ අයකු පිළිබඳව කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබෙනවා.

හැඩට ඇන්දත් අතේ සතේ නැහැ. කතාව දෝලාවෙන් ගමන පයින් වන් අපේ හාදයෙක්. මිනිහා බස් එකේ යන්නෙම ටිකට් නොගෙන‍යි. හොරාටයි. කොන්දොස්තර කොලු‍වගේ ඇස් වහලාය.

මිනිහා යන බස් එකක ටිකට් එකක් ගත්තොත් එදාට ඉර පායන්නේ බස්නාහිරෙන්. ඇඹේනියත් එක්ක ගියත් එය එසේමයි.

එදා උදෙන්ම මිනිහා නැග්ගේ සෙනඟ නැති බස් එකක්. පස්සෙන් බස් එකට නැග්ගා. කොන්දොස්තර කොලු‍වා බස් එක සිසාරාම බැලු‍වේ නැග්ග කෙනාව සොයා ගැනීමටයි. ඒ ටිකට් කැඩීමටයි.

එහෙත් බස් එකට නැග්ග කෙනා නැත. බස් එකට නැග්ග අපේ මිනිහාද එහි සිටිනවා. කොන්දොස්තරත් දැන් හොල්මන්ය. බස් එකට නැග්ග කෙනා නැත. කොන්දොස්තර හිතුවේ තමන් දැක්කේ හොල්මනක් කියායි.

අපේ මිනිහා බස් සීට් එකේ බාගෙට නිදි. දුරින් නැග්ග කෙනකු පරිද්දෙනි. මිනිහාගේ ඇස් දෙක වැහෙන්න ලොකු කණ්ණාඩි දෙකකි. කණ්ණාඩි නොදා ආ මගියා කොන්දොස්තර සෙව්වා. එහේම කෙනෙක් නැහැ. ඇත්තේ කණ්ණාඩි පැලඳි කෙනෙක්. ආයෙමත් කොන්දොස්තර සිතුවේ තමා නංවාගෙන එන්න ඇත්තේ හොල්මනක් කියායි.

මිනිහා ගමනාන්තයෙන් බැස්සා. කණ්ණාඩි දෙක ගලවා සාක්කුවේ දමා ගත්තා. කාර්යාලයට ගිය ගමන් අද බස් එකේ ටිකට් නොගෙන ඒමට භාවිත කළ ගණ දෙවි නුවණ ගැන ඔහු මිතුරන්ට කියමින් තමා කළ හපන්කම ගැන පම්පෝරි ගැහැව්වාලු‍.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *