BREAKING NEWS
Search

මොකක්ද මේ වෙන්න යන්නේ…..? මෙන්න අනාවැකියක් !

181
අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ඉදිරි කාලය ගැන නම් එතරම් සුබ ආරංචියක් නෙවෙයි දැන් ලැබිලා තියෙන්නේ.
පහුගිය කාලේ අපි හැමෝම දැනුණ දරාගන්න බැරි රස්නයටත් වඩා වැඩි උෂ්ණත්වයක් ඉදිරියේදී එයි කියලා ලෝක කාලගුණ විශේෂඥයෝ අනතුරු අඟවනවා.

මේ වසර අගදී ඇතිවෙන්න නියමිත ‘එල්නිනෝ’ තත්ත්වය නිසා මුළු ලෝකයේම උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යන්න පුළුවන් කියලා එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය කියනවා. ඉතිහාසයේ කවදාවත් නැති තරමට පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය බිඳවැටිලා තියෙනවලු.

මේකට ප්‍රධානම හේතුව විදියට පෙන්වා දෙන්නේ කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු පිටවීමයි. මේ නිසා පෘථිවියෙන් පිට කරන තාපයට වඩා වැඩි තාපයක් දැන් අපේ ලෝකය ඇතුළෙම රඳවා ගන්නවලු. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන විදියට අපිට ඉදිරියේදී ලොකු වෙනසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඉතින් ඉදිරි කාලයේදී රස්නයෙන් බේරිලා ඉන්න නම් දැන් ඉඳලම ලෑස්ති වෙන්න වෙයි වගේ…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *